Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th March 2018 08:38:54 Hours

දියතලාවේදී ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව හැදෑරුවන්ට සහතික පත් ප්‍රදානය කෙරේ.

මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් බ්‍රිටිෂ් කවුන්සිල් (British Council) ආයතනය හා සම්බන්ධිකරණයෙන් සංවිධානය කරන ලද ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව දින 14 ක් පුරාවට පැවැත්වු අතර එම පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා නිලධාරින්ගේ සහතික පත් ප්‍රදානෝත්සවය අඟහරුවාදා (6) දින එම මුලස්ථානයේදී පැවත්විණ.

මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සියළුම සේනාංක, බල සේනාංක හා ඒකකයන් හි සේවයේ නියුතු හමුදා නිලධාරින් 20 දෙනෙකු පමණ මෙම භාෂා පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරා සහතික පත් හිමි කරගත්හ. එමෙන්ම පාඨමාලාව හැදෑරුවන් විසින් එදින (6) පවත්වන ලද සහතික පත් ප්‍රදානෝත්සවය ඉංග්‍රීසි බසින් මෙහෙයවු අතර ඔවුන්ගේ දක්ෂතාවය පිළිබඳව පැමිණි සිටි ආරාධිතයින් ඇගයිමට ලක්කරමින් සුබ පැතුම් එක්කරන ලදී.

මෙම පාඨමාලාව සාර්ථකව හැදෑරුවන් සඳහා සහතික හා කුසලාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති රුක්මාල් ඩයස් නියෝජනය කරමින් ලුතිතන් කර්නල් බි.ඒ.එස්.එස්.ඩි බුලත්ගම සහභාගි වු අතර මේ සඳහා බ්‍රිටිෂ් කවුන්සිල් (British Council) ආයතනයේ දේශක සි.කේ. මයික් මහත්මිය (Ms C.K Mike) ද එක්ව සිටියහ.

Asics shoes | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ