Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th September 2017 19:03:38 Hours

දියකාවා යුධ අභ්‍යාසයේ නවතම විස්තර විඩියෝ සංවාද ක්‍රමවේදය හරහා

නැගෙනහිර ප්‍රදේශයේ මේ වනවිට පුළුල් ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින ‘දියකාවා VIII - 2017’ වාර්ෂික යුධ පුහුණු අභ්‍යාසයේ ප්‍රගතිය සහ පුහුණු ප්‍රහාරක ක්‍රියාන්විතයන්හි භට පිරිස් අනුයුක්ත කර ඇති ආකාරය පිළිබඳව ඉතා සවිස්තරව එම යුධ පුහුණු අභ්‍යාසයේ අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් විඩියෝ දුරකථන සංවාද ක්‍රමවේදය හරහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මැතිතුමා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණවර්ධන සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දැනුවත් කරන ලදී.

ආරක්ෂක අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති මෙම විඩියෝ දුරකථන සංවාදයට සහභාගි වුවන් පුහුණු ක්‍රියාන්විතය පිලිබඳවත්, විදේශීය නියෝජිතයින් 69 ක්, යුද්ධ හමුදා 2160 ක්, නාවික හමුදා 370 ක් සහ ගුවන් හමුදා 197 ක පිරිසක් සහභාගි වන මෙම විශාල බහු ජාතික ක්ෂේත්‍ර අභ්‍යාසයේ පහසුකම් සැපයිම පිලිබඳවත් පවසා සිටියහ.

විඩියෝ දුරකථන සංවාදය නැරඹීමට පහතින් පිවිසෙන්න.

bridgemedia | Air Jordan Release Dates 2020