Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd July 2020 19:58:36 Hours

දිගුකාලීන අවශ්‍යතාවයක් සඳහා නුවරඑලිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් ඉදිකිරීමට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් මුල්ගල තබයි

අතීත යටත් විජිතවාදින්ගේ ‘කුඩා එංගලන්තය’ හා සමාන නුවරඑළිය ප්‍රදේශයේ සිසිලස හා සරුසාර කඳුකරයේ විවේක ගැනීමට සහ විනෝදවීමට පැමිණෙන නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට පැවැති දීගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින්, නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ අති නවීන නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා අද (02) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් මුල්ගල තැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදාව මේ වනවිටත් හාවා-එළිය ප්‍රදේශයේ එවැනිම ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මුලස්ථානයේ සිදුකරනු ලබන ව්‍යාපෘතියට අද (02) දින යුද්ධ හමුදාධිපතිතුමන් මුල්ගල තැබීම සඳහා එක්විය. සියළුම නිලධාරීන් සහ සෙසුනිලයන් දැඩි කැපවීමකින් යුතුව දින, සති හෝ මාස ගණනක වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසු තම ආදරණීයයන් සමඟ එක් වරක් පූර්ණ විවේකයක් ලැබිය යුතු නමුත් ඒ සඳහා නුවරඑළිය ප්‍රදේශයේ යුද්ධ හමුදාවේ නිවාඩු නිකේතනයක් නොතිබුණි යැයි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න, ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්. ගනේගොඩ, 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඊ.ඒ.පී. එදිරිවීර, 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්.ඒ.එම්. රනතිලක ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ එක්ව මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සඡ්ඣායනා මධ්‍යයේ, සුබමොහොතින් සංකේතාත්මකව මුල්ගල් තැබීය. එහිදී, ව්‍යාපෘතියේ වාස්තු විද්‍යාත්මක සැලැස්ම පිළිබඳ සොයා බැලු යුද්ධ හමුදාධිපතිතුමන් ව්‍යාපෘතියේ ගෘහ නිර්මාණ ශිල්පින් සමඟ ද සුහදව අදහස් හුවමාරු කරගත්හ.

නුවරඑළිය ප්‍රදේශයේ ජනප්‍රිය ග්‍රෙගරි විලට (Gregory Lake) ආසන්නයේ මෙම නව පරිසර හිතකාමී නිවාඩු නිකේතනය, මේජර් ආර්.එස්. පුංචිහේවා ගේ අණදීම යටතේ 17 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් ඉදිකරනු ලබයි. මෙම අවස්ථාවට එක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් කඳවුර පරිශ්‍රයේ සහ අවට ප්‍රදේශයේ සිදු කෙරෙන අනෙකුත් සංවර්ධන කටයුතු පිළිබඳව ද සමීපව නිරීක්ෂණය කළේය.

3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් පිරිනමනු ලැබු හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පසුකරගෙන යෑමෙන් අනතුරුව රතුපලස් මතින් යුද්ධ හමුදාධිපතිතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. යුද්ධ හමුදාවේ සුභසාධන ව්‍යාපෘතිවලින් දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස නිලධාරීන් සඳහා සාධාරණ මිලකට නුවරඑළිය ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරනු ලබන මෙම නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් මූලික අඩිතාලම දමන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහ 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සමඟ එක්ව කඳවුරු පරිශ්‍රය සමීපව නිරීක්‍ෂණය කළ අතර පරිසරයට හානියක් නොවන පරිදී මෙම කඳවුරු පරිශ්‍රය තවදුරටත් සංවර්ධනය කිරීමේ ක්‍රමවේදයන් සහ පියවරයන් පිළිබඳව සාකච්ඡා කළේය. ස්වාභාවික වටපිටාවන් පවත්වා ගනිමින් කෙටි කාලයක් තුළ මෙම නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අදාළ භටපිරිස් වෙත උපදෙස් දුන්නේය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තියට ප්‍රථම, 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ නව නිවාඩු නිකේතනය ඉදිකිරීම සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා පළමු පස් පිඩැල්ල කපා සමාරම්භක උත්සවය සඳහා භූමිය සුදානම් කළේය. buy footwear | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos