Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th February 2018 21:39:24 Hours

දිගු දුර මෙහෙයුම් පුහුණුව ලැබූ විශේෂ බලකා නිලධාරින් සහ සෙබළුන් 36 ක් විසිර යති

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ (SFTS) මාස 06 ක් පුරා පවත්වන ලද දිගු දුර මෙහෙයුම් (LRP) පාඨමාලා අංක 19 සාර්ථකව නිම කරන ලද විශේෂ බලකායට අයත් නිලධාරින් 02 ක් සහ සෙසු නිලයන් 34 ක් වෙත එම පාඨමාලාවට හිමි ලාංඡන පැළඳවීමේ වර්ණවත් උත්සවය යුද්ධ හමුදාධිපති මෙන්ම විශේෂ බලකායේ අධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් වව්නියාව 3 වන විශේෂ බලකා මූලස්ථානයේදී සෙනසුරාදා (24) දින පස්වරුවේ පැවැත්විණි.

විශේෂ බලකා බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව සෙනරත් යාපා හා 3 වන විශේෂ බලකායේ අණදෙන නිලධාරි මේජර් ජයන්ත බණ්ඩාර විසින් විශේෂ බලකා විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන අමුත්තා වශයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පිළිගන්නා ලදි.

යුද්ධ හමුදාධිපති තුමන් 3 වන විශේෂ බලකා මුලස්ථානය වෙත පැමිණි අවස්ථාවේ භට පිරිස් විසින් එතුමන්ට කඳවුරු සම්මාන මුරයක් පිරිනමා ආචාර දැක්වූ අතර, එම මූලස්ථානයේ අණදෙන නිලධාරි විසින් පිළිගැනීමේ කතාව ඉදිරිපත් කරන ලදි. මෙම විසිර යාමේ උත්සවය, දිගු දුර මෙහෙයුම් පාඨමාලාවට ආවේණික විශේෂාංග රැසකින් ද සමන්විත විය.

විශේෂ බලකා දිවුරුම් ප්‍රකාශය කියවීමට පෙර යුද්ධ හමුදාධිපති මෙන්ම විශේෂ බලකායේ අධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් පාඨමාලාව සාර්ථකව හදාරා අභිමානයෙන් විසිර යාමට නියමිත විශේෂ බලකා නිළධාරින් හා සෙබළුන් හට ලාංඡන පැළඳවීම සිදු කළේය. 19 වන දිගු දුර මෙහෙයුම් පාඨමාලාවේ විශිෂ්ඨ දක්ෂතා දැක්වූවන්ට විශේෂ ත්‍යාග පිරිනැමීමද එම අවස්ථාවේදි සිදුවිය. ඉන්පසු ප්‍රධාන අමුත්තා විසින් උත්සව අවස්ථාව අමතමින් ඔහුගේ අත්දැකීම් ඔවුන් සමඟ බෙදාගත්හ. උත්සව අවස්ථාව අවසන්වීමට මත්තෙන් යුද්ධ හමුදාධිපති තුමා ඔවුන් සමග සමූහ ඡායාරූපයකටද පෙනි සිටින ලදි.

ඉන්පසු යුද්ධ හමුදාධිපති 3 වන විශේෂ බලකා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් එහි ‘අයි’ බලඝණයේ නවතමයෙන් ඉදිකරන ලද සෙසුනිළ භට නිවාසය විවෘත කර එය පවත්වාගෙන යන අයුරුද නිරික්ෂණයට ලක් කිරිමද සිදුකලේය. ඉන් අනතුරුව, එම ස්ථානයෙන් පිටවිමට පෙර පාඨමාලාව සාර්ථකව නිමකරන ලද සෙබළුන්ගේ සුවදුක් විමසීමටද කටයුතු කරන ලදි.

ඉන් අනතුරුව ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය - 2017 හි දක්ෂතා දැක්වූවන්ට ත්‍යාග පිරිනැමීම සිදුකල අතර, එහි සමස්ථ කණ්ඩායම් ශුරතාවය 3 වන විශේෂ බලකාය හිමිකර ගෙන තිබිණි.

එම උත්සවය අතරතුර, ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය - 2017 හි හොඳම ජවසම්පන්න සෙබලාට හිමි කුසලානය හිමිකර ගත් විශේෂ බලකායේ ලාන්ස් කෝප්‍රල් පී.සි. කසුන් විශේෂ ඇගයීමට ලක්විය.

ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය - 2017 ප්‍රථම වතාවට යුද්ධ හමුදා රෙජිමේන්තු අතර පැවැත්වූ අතර, එහිදි ශාරිරික යෝග්‍යතා ඉසව් වන Pull-Ups, Sit-Ups සහ Push-Ups, කිලෝ මීටර 3.2 දිවීම, සංග්‍රාමික කාර්යක්ෂමතා පරික්ෂණය(CET) සමඟ Zig-Zag Run, තුවක්කුකරු එසවීම, දිවියාගේ ගමන, පුසාගේ ගමන, කෙටිදුර දිවිම, අඩි 9 වල පැනීම, උණ්ඩ එසවීම, බෝම්බ හෙලීම සහ 5 Push Ups, අඩි 3 බාධක පෙරලීම, අවි දැරීම, ඉදිරියට පෙරලී උණ්ඩ 5 ක් දණහිසෙන් ඉදගෙන වෙඩි තබා 1x1 ප්‍රතිඵල ලබාගැනිම, වැනි තරඟ ඉසව් හා ක්‍රියාකාරකම් වලින් සමන්විත විය. විවිධ රෙජිමේන්තු 22 කට අයත් සෙබළුන් මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ 2017 මාර්තු 22 - 28 දක්වා පැවති සුදුසුකම් ලැබීමේ පරීක්ෂණ සඳහා සහභාගි වූහ.

උත්සවය අවසාන වීමට ප්‍රථම යුද්ධ හමුදාධිපති තුමන් ශාරීරික යෝග්‍යතා සහ සංග්‍රාමික කුසලතා තරඟාවලිය - 2017 දක්ෂතා දැක්වූවන් සමඟ සමූහ ඡායාරූපයකටද එක්විය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සමග විශේෂ බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අමුත්තන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වි සිටියහ.

buy shoes | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ