Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th August 2017 12:00:52 Hours

දැඩි සංවේදීතාවයට පත් ස්වාමින් වහන්සේ යාපනය මහාධිකරණ විනිසුරුවරයාට අශීර්වාද කරයි

පසුගියදා යාපනය මහාධිකරණ විනිසුරු වෙත ආරක්ෂාව සැපයු පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍ර වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්වු අවස්ථාවේ දී එම විනිසුරුවරයා විද්‍යාමාන කළ සංවේදි කාරුණිකත්වය සහ ක්‍රියාකළ ආකාරය වෙනුවෙන් තම කෘතඥතාවය සහ ඇගයීම ප්‍රකාශ කිරීම සඳහා මුලින් සොල්දාදුවෙකු වී පසුව පැවදි දිවියට පත් බුද්ධන්ගල සෙනසුනෙහි වැඩවාසය කරන අති පුජ්‍ය බුද්ධන්ගල ආනන්ද නායක ස්වාමින් වහන්සේ විසින් මහාධිකරණ විනිසුරු මනික්කවාසගර් ඉලන්චේලියන් මහතා යාපනය මහාධිකරණ සංකීර්ණයේ දී අඟහරුවාදා (08) දින හමු වු අතර, අනතුරුව ආගමික වශයෙන් ආශීර්වාද සිදු කරමින් උන්වහන්සේ විසින් එතුමා වෙත කෙටි ලිපියක් ද භාරදෙනු ලැබීය.

ඉතා අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්වු පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍රගේ අභාවය පිළිබඳව කම්පාවට පත් මහාධිකරණ විනිසුරුවරයා දක්වනු ලැබු සංවේදිභාවය ඇගයීම සඳහා අවස්ථාව සලසාදුන් යුද්ධ හමුදාධිපතිවරයා වෙත අති පුජ්‍ය බුද්ධන්ගල ආනන්ද නායක ස්වාමින් වහන්සේ විසින් සිය කෘතඥතාවය මෙහිදි පුද කළහ.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් අති පුජ්‍ය බුද්ධන්ගල අනන්ද නායක ස්වාමින් වහන්සේට අඟහරුවාදා (08) දින යාපනයට පැමිණ අධිකරණ සංකීර්ණයේ දී මහාධිකරණ විනිසුරු හමුවිම සඳහා පහසුකම් සලසා දුන්හ.

මෙහිදි, ඝාතනයට ලක්වු පොලිස් සැරයන්වරයාගේ පවුලේ සාමාජිකයන්ගේ සහ දරු දෙදෙනාගේ යහපත වෙනුවෙන් විනිසුරුවරයා ගනු ලැබු ක්‍රියාකලාපයන් පිළිබඳව අති පුජ්‍ය ආනන්ද හිමියන් විසින් අගය කරනු ලැබු අතර, ජාති ආගම් කුල කුමකට අයත් වුවත් ඔහු විසින් දක්වනු ලැබු මානුෂීකභාවය පිළිබඳව අති පුජ්‍ය ආනන්ද ස්වාමින් වහන්සේ විසින් අගය කරනු ලැබීය.

මෙහිදි අති පුජ්‍ය ආනන්ද ස්වාමින් වහන්සේ විසින් මහාධිකරණ විනිසුරයා වෙත ලිපියක් භාරදෙමින් ඔහු විසින් සිදු කළ මහගු සත්ක්‍රියාව ප්‍රසංසාවට ලක් කළහ.

මෙම සුහද හමුවේදී අති පුජ්‍ය ආනන්ද ස්වාමින් වහන්සේ විසින් මහාධිකරණ විනිසුරුවරයා වෙත බුද්ධ ප්‍රතිමාවක් පිළිගැන්වු අතර, ‘සෙත් පිරිත්’ සඡ්ඡායනා කරමින් පිරිත් නුලක් බැඳ එතුමා වෙත අශීර්වාද කරනු ලැබීය.

එහිදි , මහාධිකරණ විනිසුරුවරයා විසින් අති පුජ්‍ය ආනන්ද නායක ස්වාමින් වහන්සේ වෙත පවසා සිටියේ මෙම ආරක්ෂක නිලධාරියා වසර ගණනාවක් තමන්ට ආරක්ෂාව සැපයු බවත් ඔහුගේ අහිමිවිම මහත් පාඩුවක් බවත් ඔහුගේ ළමුන් ඉදිරි කාලය තුල රැක බලාගැනීමට ඔහු ඉදිරිපත්වන බවත්ය. තවදුරටත් අදහස් දැක්වු මහාධිකරණ විනිසුරුවරයා මියගිය පොලිස් සැරයන්වරයාගේ අලුත්වැඩියා කරමින් පැවති නිවස ඔහුගේ මුල්‍ය දායකත්වයෙන් ආරම්භ කර ඇති බවත් ඔහුගේ විදේශිය හිතවතුන්ගේ සහයෝගය ඇතිව මියගිය සැරයන්වරයාගේ පවුලේ සුභසාධන කටයුතු සඳහා රුපියල් රුපියල් මිලියන 2 කට අදික මුදලක් මේ වන විට ඔහු වෙත ලබාදි ඇති බවත්ය.

අති පුජ්‍ය ආනන්ද හිමියන් පිටත්ව යෑමට පෙර, මෙවන් ක්‍රියාවන් මගින් ප්‍රජාවන් අතර සංහිඳියාව ඉදිරියට ගෙන යාම සඳහා සියලු ශ්‍රී ලංකිකයින් කටයුතු කරනු ඇතැයි උන්වහන්සේ විශ්වාස කරන බවත් පැවසීය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ද අධිකරණ සංකීර්ණයේ පැවති මෙම අවස්ථාව සඳහා එක්ව එක්ව සිටියහ.

short url link | Women's Designer Sneakers - Luxury Shopping