Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th June 2018 12:25:41 Hours

තෝනිගල දහම් පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ

තෝනිගල විහාරස්ථානයේ ඥාණවාස දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලබන සිසුන් සඳහා රු.50,000/= ක පමණ වටිනාකමින් යුතු පාසල් ලිපිද්‍රව්‍ය සහ පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකය විසින් ඉරිදා (10) දින සංවිධානය කරනු ලැබීය.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සන්ජය වනිගසිංහ ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන ලද අතර මේ සඳහා මුල්‍යමය දායකත්වය බ්‍රිගේඩියර් කේ.ජි.ඩි පෙරේරා ගේ සම්බන්ධිකරණයෙන් ධාවන පැදි ශුරයෙකු වන උපුල්වන් සේරසිංහ මහතා විසින් දරන ලදී.

මෙම මහඟු පුණ්‍යකර්මය, ඥාණවාස දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලබන සිසුන්ගේ දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරිමේ අරමුණින් සිදුකරන ලද අතර මෙම අවස්ථාව 62 වන සේනාංකයේ නිලධාරින් සහ සෙසුනිලයින් විසින් සම්බන්ධිකරණය කලහ.

මෙම අවස්ථාව සඳහා 62 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරි 1 (පරිපාලන සහ භට කාර්ය සම්පාදන), සිවිල් සම්බන්ධිකරණ නිලධාරි, තෝනිගල විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්, ඥාණවාස දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, තෝනිගල ප්‍රදේශවාසීන්, 62 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හි සහ බලඇණියන් හි නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද එක්ව සිටියහ.

jordan Sneakers | nike air max 95 obsidian university blue book list