Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd January 2018 23:41:29 Hours

තුනුක්කායි නත්තල් අසිරියෙන් උතුරා යයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ 651 වන බළසේනාවේ භට පිරිස් විසින් ඉරනමතන්ගර් කතෝලික පල්ලියේදී වාර්ෂිකව පවත්වන නත්තල් බැති ගී ප්‍රසංගය සිකුරාදා (29) දින පවත්වන ලද අතර, ඒ සඳහා කතෝලික බැතිමතුන් 1000 කට වැඩි පිරිසක් සහභාගි වූහ.

ඉරනමතගර් කතෝලික පල්ලියේ දේවගැති පූජ්‍ය අරූත් චෙල්වම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ අනෙකුත් පූජක උතුමන් දේවස්ථානයේ උත්සවය සඳහා සහභාගි වූහ.

මෙම උත්සවය සාර්ථක කරගැනීමට 651 වන බළසේනාවට සහ 11 වන ස්වේච්ඡා විජයබාහු රෙජිමේන්තුවට අයත් භට පිරිස් විසින් විදුලිබලය, ශබ්ද විකාශණ යන්ත්‍ර සහ සැරසිලි, උපකරණ ලබාදීමෙන් උපරිම සහයෝගයක් ලබා දුන්හ.

නත්තල් බැති ගී යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රසංශා කරමින් සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ගායනා කරන ලදි.

බැති ගී ගායනය සඳහා සහභාගි වූ ළමුන් හට 65 වන සේනාංකය වෙතින් රසකැවිලි හා සෙල්ලම් බඩු ත්‍යාග ලෙස ලබා දුන් අතර, සන්ධ්‍යාවේදී සියළුදෙනා හට සැහැල්ලු ආහාර වේලක් ද ලබාදෙන ලදි.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධන ගේ උපදෙස් මත 651 වන බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් රංජිත් අබේසිංහ විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදි.

පූජකතුමන්ලා, මුලන්කාවිල් පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක රුක්මාල් රත්නායක, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සිවිල් වැසියන් ඇතුළු කතෝලික බැතිමතුන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

best shoes | Hats to Match Jordans Hyper Royal Bulls Hat