Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තායිලන්තයේ පැවති විවෘත රෝදපුටු ටෙනිස් තරඟාවලිය - 2017 දී යුද්ධ හමුදා පැරාලිම්පික් රෝදපුටු ටෙනිස් ක්‍රීඩකයින් දස්කම් දක්වයි

තායිලන්තයේ පැවති විවෘත රෝදපුටු ටෙනිස් තරඟාවලිය - 2017 සඳහා සහභාගි වු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරාලිම්පික් රෝදපුටු ටෙනිස් ක්‍රීඩකයින් එම තරඟාවලියේ දී විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් අත් කරදුන්හ.

එහිදි, පිරිමි කේවල අංශයේ පළමු වටයේ දී කෝප්‍රල් ආර්.ඒ.එල්.එස්. රණවීර ලකුණු 6/4 ක් වශයෙන් ලබාගත් අතර, දෙවන වටයේ දී ලකුණු 5/2 ක් වශයෙන් ලබා තරඟයේ ඉදිරියෙන් සිටින නමුදු වර්ෂාව හේතුවෙන් තරඟය අතර මඟ නතර කර තිබේ. කෙසේවුවද අනපේක්ෂිත අයහපත් කාලගුණය හේතුවෙන් තරඟය නතර කිරීම සැලකිල්ලට ගනීමින් කෝප්‍රල් ආර්.ඒ.එල්.එස්. රණවීර සහ ප්‍රතිවාදි තරඟකරු සම ශූරයන් ලෙස සම්මාන ලබා ගත්හ.

මෙහිදි, කෝප්‍රල් ආර්.ඒ.එල්.එස්. රණවීර සමඟින් ලාන්ස් බොම්බඩියර් ඩී.ඒ.එස්.ආර්. ධර්මසේන පිරිමි යුගල තරඟයේ තෙවන ස්ථානය හිමි කරගැනීමට ද සමත් වුහ.

තායි විවෘත රෝදපුටු ටෙනිස් ශූරතා තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෝදපුටු ටෙනිස් ක්‍රීඩකයින් විශිෂ්ඨ ජයක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.

තායිලන්තයේ පැවති මෙම තරඟාවලිය සඳහා ලෝකයේ විවිධ රටවල පැරාලිම්පික් ටෙනිස් ක්‍රීඩකයින් 100 කට අධික පිරිසක්, ඔවුන්ගේ පුහුණුකරුවන් සහ කළමනාකරුවන් සමගින් සහභාගි වුහ.

best Running shoes | Men's Footwear