Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th March 2017 20:59:20 Hours

තායිලන්තයේ චුලාලෝංකෝන් සරසවියේ රොටරි සහයෝගිතා මධ්‍යස්ථානයේ (Rotary Peace Centre) විදේශ නියෝජිතයින් කණ්ඩායමක් යාපනය ආඥාපති හමුවේ

සාමාජිකයින් 29 දෙනෙකුගෙන් යුත් තායිලන්තයේ චුලාලෝංකෝන් සරසවියේ රොටරි සහයෝගිතා මධ්‍යස්ථානයේ (Rotary Peace Centre) විදේශ නියෝජිතයින් කණ්ඩායමක් සිය උතුරු සංචාරය අතරතුර දී ඉරිදා (26) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය ද සංචාරය කරන ලදි. රොටරි සහයෝගිතා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක මහාචාර්ය. Surichai Wungaeo විසින් මෙම නියෝජිතයින් කණ්ඩායමට නායකත්වය ලබාදෙන ලදි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් මෙම විද‍ෙස් නියෝජිතයින් පිරිස පිළිගත් අතර, අනතුරුව එතුමා විසින් යාපනය අර්ධද්විපයේ භුගෝලය, එහි ජනගහනය, ආර්ථික තත්වය, සිවිල් පිරිපාලනය සහ අර්ධද්විපයේ දැනට පවතින තත්වය පිළිබඳව ඔවුන් දැනුවත් කරන ලදි.

තවද මෙම සාකච්ඡාව තුලදි එතුමන් විසින් අභ්‍යන්තරව අවතැන් වුවන් පුනරුත්ථාපන වැඩසටහන් සඳහා යුද හමුදාවේ දායකත්වය පිළිබඳවද විස්තර කරන ලදි.

මෙහිදී යාපනය අර්ධද්විපයේ සංහිඳියාව ඇති කිරිමේ යාන්ත්‍රණයට සිවිල් පුද්ගලයින් සහ යුද හමුදාව අතර සබඳතාවයන් මගින් සිදුකල යුතු කාර්යයන් සහ වගකිම් පිළිබඳව ද එතුමන් විසින් විදෙස් නියෝජිතයින් දැනුවත් කරන ලදි.

විදෙස් නියෝජිතයින් සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතමා අතර ඇතිවුනු සුහද සංවාදයෙන් පසු මෙම අවස්ථාව සිහිපත් විමට ආඥාපතිතුමා සහ නියෝජිත පිරිසේ නායකයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

අනතුරුව, මහාචාර්ය Surichi Wungaeo විසින් ඔවුන්ගේ මෙම සංචාරය සිහිවනු වස් සමරු සටහන් පොතේ හී අත්සනක් තැබුයේ විදෙස් නියෝජිතයින් පිරිස විසින් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය වෙත සිදු කළ උණුසුම් සුභ පැතුම් මධ්‍යයේය.

මෙම වැඩසටහන අවසානයේ විදෙස් නියෝජිතයින් පිරිස නවතමයෙන් අවතැන් වුවන් පදිංචි කළ නෙල්ලිනක්කපුරම් (Nellinakkapuram) ගම්මානයේ ද සංචාරයක නිරතවිය.

affiliate tracking url | 【11月発売予定】シュプリーム × ナイキ エアフォース1 全3色 - スニーカーウォーズ