Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th November 2018 21:57:00 Hours

ත්‍රිවිධ හමුදාවේ බළලත් නිලධාරී හා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී එක් වහලක් යටට එක්වෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සංකල්පයකට අනුව ත්‍රිවිධ හමුදාවේ බළලත් නිලධාරී හා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී 2000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් විද්වත් කථිකාවතක් ත්‍රිවිධ හමුදා ඉතිහාසයේ ප්‍රථමවරට සඳුදා (26) දින අත්තිඩියේ පිහිටි Eagle’s Lakeside Convention ශාලාවේ දී පැවැත්විණි.

සන්නද්ධ හමුදා සාමාජිකයින්ගේ කාර්යභාර්ය, වගකීම, අන්තර් සබඳතා, හැකියාවන්, නායකත්ව ගුණාංග, වෘත්තීමයභාවය සහ ගැටළු නිරාකරණය කිරීම ආදී කරුණු සබැඳිව මෙම එක්දින සම්මන්ත්‍රණය සඳහා සහභාගිවූවන් දැනුවත් කරනු ලැබීය.

මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහභාගි වූ අතර ‘අභියෝග හමුවේ ත්‍රිවිධ හමුදා බළලත් නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සතු වෘත්තියමය කාර්යභාර්ය’ යන තේමාව ඔස්සේ පැවැති මෙම සම්මන්ත්‍රණයේ දී බළලත් නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් කණිෂ්ඨ නිලධාරින්ට ආදර්ශවත් විය යුතු ආකාරය පිළිබඳ සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූවන් දැනුවත් කරනු ලැබීය.

මෙම උත්සවයේ විශේෂ ආරාධිතයින් ලෙස ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති සහභාගි වූ අතර කෙටි විඩියෝ පටයක් ප්‍රදර්ශණය කිරීමෙන් අනතුරුව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සමගින් විශේෂ ආරාධිතයින් සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීම සඳහා එක්විය. ඉන් අනතුරුව, ජාතික ගීය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කර රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් ආරක්‍ෂා කිරීමෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ විය.

ත්‍රිවිධ හමුදා බළලත් නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් එකම වහලක් යටට එක් රැස්කර ප්‍රථමවරට පැවැත්වූ මෙම අධ්‍යාපනික සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එහිදි සියළුදෙනා අමතමින් යුද්ධ හමුදාධිපතිතුමන් “ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් යනු සන්නද්ධ හමුදාවේ කොදුනාරටිය වන අතර ඔවුන් ‘ඔම්බුඩ්ස්මන්’ වරයෙකු වශයෙන් සෙසුනිලයින් සමඟ රාජකාරි බෙදාහදාගනීමින් එක්ව රාජකාරි කල යුතුය. තවද සෙසුනිලයින් සමඟ අන්නෝන්‍ය සුහදත්වයෙන් හා අවබෝධයෙන් යුතුව ඔවුන්ගේ ගැටළු නිරාකරණය කරමින් රාජකාරි කල යුතුය. ඉහළ නිලධාරින්ගේ අණ නිවැරදිව ක්‍රියාත්මකව කිරීම සඳහා සෙසුනිලයින් හට මඟපෙන්වන්නන් ලෙස ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් කටයුතු කල යුතුය. එමෙන්ම, ඒ සඳහා ඔබගේ හැකියාවන් වර්ධනය කරගත යුතු බවත් සෙසුනිලයින්ගේ හැකියාවන් වර්ධනය කරගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබාදිය යුතු බවත්” පැවසීය.

මෙහිදි ප්‍රධාන දේශනය සිදුකරමින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් “පශ්චාත් යුධ සමයේ රජයේ සංවර්ධන සහ සංහිඳියා ක්‍රියාදාමයට විශාල දායකත්වයක් ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් ලබාදෙනු ලැබු බවත් යුධමය කාලය තුල ඔබ සියලුදෙනාම විසින් සිදුකරනු ලැබු සේවාව මා ඉතා ගෞරවයෙන් යුතුව සිහිපත් කරනු ලබන බවත් පශ්චාත් යුද සමයේ දී ඔබ කරනු ලබන සේවාව ද ඉතා විශීෂ්ඨ බවත් පැවසීය. තවද, ඔබ සියලුදෙනා නුඳුරේදි යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත බැවින් එම සේවය අඛණ්ඩව සිදුකිරීමට ඉඩ හසර නොලැබෙනු ඇති අතර ඔබ යුද්ධ හමුදාවේ විශීෂ්ඨ සේවාවක් සිදුකරනු ලබන පිරිසක් බවට එක්සත් ජාතින් විසින් හඳුනාගෙන ඇති බවත් ලෝකයේ අනෙකුත් හමුදාවන්වලට එම පිළිගැනීම ලැබි නොමැති බවත් ” පැවසීය.

එහිදි පැවැති පළමු සැසියේ දී ‘ත්‍රිවිධ හමුදාවේ බළලත් නිලධාරීන්ගේ සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ නායකත්වය සහ විනයානුකූල මඟපෙන්වීම් ආයතනවල දියුණුවට බලපාන අයුරු’ යන තේමාව ඔස්සේ විශ්‍රාමික බ්‍රිගේඩියර් එස්.එන්. හලංගොඩ විසින් දේශනයක් පැවැත්විය. දෙවන සැසියේ දී නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් අරුණ ජයසේකර, රියර් අද්මිරාල් එම්.ඊ.එම්. සුදර්ශන සහ එයාර් වයිස් මාර්ෂල් කේ. එස්. ආර්. ප්‍රනාන්දු විසින් ‘හමුදාමය පන්නරය තුළින් ජාතිය ගොඩනැංවීමට දායකත්වය’ යන තේමාව ඔස්සේ හරවත් දේශන පවත්වනු ලැබීය. අනතුරුව, ප්‍රවිණ දේශක පෞරුෂත්ව පුහුණු විශේෂඥ, නීතීඥ, වෛද්‍ය කුමා ඉද්දමල්ලෙන මහතා විසින් ‘ධනාත්මක සිතුවිලි තුලින් වෘත්තීය නිපුණත්වය වර්ධනය කිරීම’ යන තේමාව ඔස්සේ සම්මන්ත්‍රණය සඳහා සහාභාගි වුවන් දැනුවත් කරනු ලැබීය.

අවසාන සැසියේ දී ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් සම්මන්ත්‍රණයට නව මානයක් එකතු කරමින් ‘විශ්‍රාම දිවිය සැලසුම් කිරීම සහ විශ්‍රාම ගැනිමෙන් පසු ජ්‍යෙෂ්ඨ පුරවැසියකු වශයෙන් ගෞරවාන්විතව දිවි පෙවෙතක් ගත කිරීමේ මාර්ගය’ යන තේමාව ඔස්සේ හරවත් දේශනයක් සිදුකරමින් නුඳුරේදී ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට නියමිත බළලත් නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් දැනුවත් කරනු ලැබීය.

මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ ත්‍රිවිධ හමුදාවේ සියළුම දෙනාට සහතික පත් ද ප්‍රදානය කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක 2017 වර්ෂයේ පසුභාගයේ සිය ධූරයේ රාජකාරි ඇරඹීමත් සමඟම ‘හැකියාව මත පදනම් වූ යුද්ධ හමුදාවක්’ නිර්මාණය කිරීමෙහිලා ඉතා විශාල කාර්යභාර්යක් ඉටුකල අතර ඒ අතරින් කිහිපයක් ලෙස විදේශ හමුදාවන් සමඟ අන්තර් ක්‍රියාකාරී සැසි පැවැත්විම, විශ්‍රාම යාමට ප්‍රථම යුද්ධ හමුදා සාමාජිකයින් හට වෘත්තීය පුහුණුව ලබාදීම, යුද්ධ හමුදා සාමාජිකයින්ට විදේශීය ක්‍රීඩා ඉසව්වන් සඳහා සහභාගිවීමට අවස්ථාව සැලසීම, යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දක්‍ෂතාවයන් අගය කිරීම හා ඔවුන් සඳහා මුල්‍යමය ආධාර ලබාදීම ආදී වැඩසටහන් රාශීයක් ක්‍රියාත්මක කරනු ලැබීය. Running Sneakers | Women's Nike Superrep