Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th January 2018 16:52:26 Hours

ත්‍රිකුණාමලය සති පිරිත් පිංකමට 22 වන සේනාංක භට පිරිස් සහාය

දෙසැම්බර් මස 26 වන දින නව අවුරුදු උදාවට පෙර ත්‍රිකුණාමලය ජයසුමනාරාම රජමහා විහාරයේ සතියක් පුරා පවත්වනු ලබන වාර්ෂික ‘සති පිරිත් පිංකම’ සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ භට පිරිස් විසින් සහාය ලබාදෙන ලදි.

මෙම වාර්ෂික ආගමික පූණ්‍ය උත්සවයේ දී මාතෘ භුමියටත් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජනතාවට සහ සන්නද්ධ හමුදා සහ පොලිස් සාමාජිකයන්ටත් සෙත් පැතීම සිදු කරන ලද අතර, සති පිරිත් පිංකමේ පළමු දින පිරිත් සඡ්ඡායනාවන් ආරම්භ කිරීමට ප්‍රථම ධාතුන් වහන්සේලා රැගත් ධාතු කරඩුව අලංකාර ලෙස විහාර භුමියේ නිමවා තිබු පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවීම 22 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් සිදුකරන ලදි.

ආගමික චාරිත්‍රානුකූලව දැහැත් වට්ටිය පිරිනමා පිරිත් සඡ්ඡායනාවන් සඳහා ගරුතර සංඝරත්නයට ආරාධනා කිරීම ත්‍රිකුණාමලය නියෝජ්‍ය පොලිස්පති ආර්.එම්.එන්.ජි. පෙරේරා මහතා විසින් සිදු කරන ලදි.

ගරුතර බෞද්ධ භික්ෂුන් වහන්සේලා පහලොස් නමක් විසින් පුරා සතියක් දිවා රාත්‍රි පවත්වන ලද පිරිත් සඡ්ඡායනා අවසානයේ එම පරිශ්‍රයෙහිදිම පැවැත්වූ දානය පිළිගැනීම සඳහා බෞද්ධ භික්ෂුන් වහන්සේලා 75 නමක් වැඩම කළහ. සති පිරිත් සඡ්ඡායනයේ ආරම්භක සහ සත් දිනකින් අනතුරුව පවත්වන ලද අවසාන දානමය පූණ්‍යකර්මයට අදාල බෞද්ධ ආගමික වත්පිළිවෙත් චීන වරාය ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති පූජ්‍ය දෙහිඔවිට පියතිස්ස නායක හිමියන්ගේ මූලිකත්වයෙන් ඉටු කරන ලදි.

ආගමික පිංකම් කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් 22 වන සේනාංකාධිපතිගේ උපදෙස් මත පැමිණි භට පිරිස් විහාර භූමිය සම්පුර්ණයෙන් පිරිසිදු කිරීමේ පූණ්‍ය කටයුත්ත සඳහා ඔවුන්ගේ සහයෝගය ලබාදෙන ලදි.

මේ සඳහා දායකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින්, ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ පොලිස් නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

Adidas shoes | Air Jordan 1 Hyper Royal 555088-402 Release Date - SBD