Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th September 2017 23:13:33 Hours

ත්‍රිකුණාමලය යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයට නව පහසුකම්

ත්‍රිකුණාමලයේ පිහිටි යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයට නවාංග සහ පහසුකම් රැසක් එක්කිරීම සඳහා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බ්‍රහස්පතින්දා (14) දින උදෑසන පැමිණියහ.

යුද්ධ හමුදා සම්ප්‍රදායානුකුලව පිරිනමනු ලැබු කඳවුරු සම්මාන මුරය පිලිගත් ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අනතුරුව, නව දේශනශාලාව, පරිඝණක විද්‍යාගාරය සහ මුද්‍රණ ඒකකය නිල වශයෙන් විවෘත කරන ලදි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මෙම සංචාරය සිහිවනු වස් භටකාර්ය සම්පාදන විද්‍යාල පරිශ්‍රයේ පැලයක් රෝපණය කල අතර, ඉන් අනතුරුව සමුහ ඡායාරූපයකට ද එතුමා පෙනි සිටියහ.

ඉන් පසුව, භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ භට පිරිස් ඇමතු යුද්ධ හමුදාධිපතිතුමන් භඨකාර්ය සම්පාදනය පිළිබඳ පුහුණුව යුද්ධ හමුදාව වැනි විශාල සංවිධානයක පරිපාලනයේ දී වැදගත් වන ආකාරය පිළිබඳව අවධාරණය කළහ.

භට පිරිස් ඇමතිමෙන් පසු, විද්‍යාල පරිශ්‍රයේ සංචාරයක නිරත වු යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායකතුමා, විද්‍යාලයේ විවිධ වු අංශයන් සාර්ථක ලෙස පුහුණුවිම් වලට දායකවන අයුරු අධීක්ෂණය කලේය.

අවසානයේ, භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ නිලධාරින් ඇමතු යුද්ධ හමුදාධිපතිතුමා විද්‍යාලය වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය ඇගයිමට ලක් කලහ.

අධ්‍යක්ෂක ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධිර, යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න, 22 සේනාංකයේ සේනාංකාධිති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් මෙම අවස්ථාවට සහභාගි වුහ.

buy shoes | Nike Shoes, Clothing & Accessories