Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th June 2018 11:17:08 Hours

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංහිදියාව තවදුරටත් ප්‍රවර්ධනය කරමින් 22 වන සේනාංක භට පිරිස් ‘ඉෆ්තාර්’ සමරයි

ජනවර්ගයන් අතර ආගමික සංහිදියාව සහ හොඳහිත වර්ධනය කිරීමේ අරමුණින් ඉස්ලාම් ආගමික යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ද සහභාගීතවයෙන් නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකය විසින් සංවිධානය කරන ලද ‘ඉෆ්තාර්’ ආගමික වැඩසටහනක් අඟහරුවාදා (5) දින සන්ධ්‍යාවේදී ත්‍රිකුණාමලය පිහිටි එම සේනාංක මුලස්ථානයේදී පවත්වන ලදී.

මුස්ලිම් ජනතාව ඇතුළුව ‘උලමා’ ඉස්ලාමීය සභාවේ සමාජිකයන් 110 දෙනෙකු, ත්‍රිකුණාමලය නගරය, කුච්චිවේලි, කින්නියා, මුතුර්, තෝපුර්, තඹලගමුව සහ කන්තලේ යන ප්‍රදේශයන් හී මවුලවිතුමන්ලා මෙම  සැමරුම් වැඩසටහන සඳහා සහභාගි වුහ.

මෙහිදී, දෛනික රාමසාන් උපවාස කාලය අත්හැරීමෙන් පසු ඉස්ලාමීය ආගමික වතාවත් අරම්භ කල අතර, ත්‍රිකුණාමලය ජැමියාතුල්ලාහ් උලමා මුස්ලිම් දේවස්ථානයේ සහ කින්නියා ජැමියාතුල්ලාහ් උලමා මුස්ලිම් දේවස්ථානයේ මවුලවි තුමන්ලා විසින් රාමසාන් මාසයේ සිදුකරනු ලබන උපවාස කාලයේ අරමුණ සම්බන්ධයෙන් සිංහල සහ දෙමළ බසින් විස්තරයක් ඉදිරිපත් කරන ලදී.

එමෙන්ම, ත්‍රිකුණාමලය ජයසුමනාරාමයේ විහාරාධිපති පුජ්‍ය ඥාණකිර්ති ස්වාමින්වහනසේ, කුරුක්කල් ආර්. රවී පුජකතුමන් සහ පුජ්‍ය රොයිසන් රෙක්ස් පියතුමන් විසින් මෙහිදි කෙටි අනුශාසනාවන්ද සිදුකළහ. 

මෙම අවස්ථාව සඳහා නැගෙනහිර පළාතේ ප්‍රධාන ලේකම් ඩි.එම්.එස් අබේගුණවර්ධන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් එන්.ඒ.ඒ පුෂ්පකුමාර මහතා, 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ආර්.එම්.එන්.ජි පෙරේරා, 222 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දීපාල් පුස්සැල්ල, 224 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් පී. එදිරිවීර, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අනෙකුත් ආරාධිතයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

Nike Sneakers Store | Sneakers Nike