Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2017 13:00:20 Hours

ත්‍රිකුණාමලය 22 වන සේනාංකය නත්තල් සමරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකය විසින් සංවිධානය කරන ලද නත්තල් බැති ගී ප්‍රසංගයක් ත්‍රිකුණාමලය මරියතුමියගේ දේවස්ථානයේදි සෙනසුරාදා (24) දින පැවැත්විය.

නත්තල් බැති ගී වැඩසටහන 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ මඟ පෙන්වීම මත 221 බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් සුමිත් ප්‍රේමලාල් ගේ අධීක්ෂණය යටතේ පවත්වන ලදි.

නත්තල් බැති ගී උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ත්‍රිකුණාමලය රදගුරු පුජ්‍ය නොයෙල් එම්මානුවෙල් දේවගැති තුමා,මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සමගින් උත්සව අවස්ථාවට සහභාගි විය.

නත්තල් ගස ඇතුළු අනෙකුත් සැරසිලි වලින් උත්සව භූමිය සරසා තිබූ අතර, විචිත්‍ර ඇඳුමින් සැරසුණු පාසැල් ළමුන් නත්තල් බැති ගී සහ නර්ථන අංගයන් ඉදිරිපත් කරන ලද අතර, ගිණිකෙළි සංදර්ශණයක්ද උත්සවය අවස්ථාව වර්ණවත් කළහ.

ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිළධාරින්, සෙසුනිලයින්, සිවිල් සේවක මහතුන් සහ ළමුන් මෙම උත්සව අවස්ථාවට සහභාගි වූහ.

Nike air jordan Sneakers | adidas garwen spezial white shoes - New In Shoes for Men