Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd March 2016 20:13:49 Hours

තවත් ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් 1625 ක් ප්‍රදානය කෙරේ

‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත පිරිනැමීමේ තුන්වන අදියර යටතේ බස්නාහිර පලාත, කෑගල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි තවත් ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් 1625 ක් ආබාධිත රණවිරුවන් සහ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත බදාදා (23) දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ දී බෙදා දෙනු ලැබීය. එහි දී ගරු ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් යුද හමුදා (1387), නාවික හමුදා (100), පොලිස් (31), ගුවන් හමුදා (102) සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (05) සාමාජිකයින් සහ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත ‘විරුසර’ වරප්‍රසාද කාඩ් පත බෙදා දෙනු ලැබීය. මෙම කාඩ්පත මගින් වෛද්‍ය, ආහාර ද්‍ර‍ව්‍ය, ගමනාගමන පහසුකම්, රෝහල් පහසුකම්, ණය ගනුදෙනු, වෘත්තිය පාඨමාලා ආදිය සහ තවත් පහසුකම් සඳහා දිවයිනේ ප්‍ර‍ධාන පෙලේ වාණිජ ආයතන 45 කට අධික ප්‍ර‍මාණයකින් ප්‍ර‍තිලාභ සහ වට්ටම් ප්‍ර‍දානය කිරීම සිදු වන අතර, අමිල මෙහෙයක් කළ ආබාධිත රණවිරුවන් ඇතුළු රණවිරුවන් වෙත සමාජයේ ගෞරවාන්විත ප්‍රමුඛත්වයක් ලබාදීම ද මෙහි තවත් අරමුණකි. ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මෙම උත්සවයේ මූලිකත්වය ඉසිලීය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී කිත්සිරි මහතා, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්තද සිල්වා ඇතුළු අමුත්තන් රැසක් මෙම අවස්ථාව සඳහා එක් විය. එම අවස්ථාවේ ප්‍ර‍ධාන ආරාධිත අමුත්තාගේ සම්ප්‍රාප්තියෙන් පසු උත්සවය ආරම්භ කරමින් සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දැල්වූ අතර, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් පිළිගැනීමේ කතාව සිදු කරනු ලැබීය. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආශිර්වාදය මධ්‍යයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ සංකල්පයක් මත රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මියගේ මග පෙන්වීම අනූව යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට සහ ආබාධිත රණවිරුවන් ඇතුළු විරුවන් වෙත ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත ප්‍ර‍දානය කිරීමේ පළමු අදියරේ උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍ර‍ධානත්වයෙන් පසුගිය ජනවාරි මස අරලියගහ මන්දිරයේ දී උත්සවාකාරයෙන් සිදු කෙරිනි. තවද, ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත අදියර - II පළාත් මට්ටමින් ප්‍ර‍දානය කිරීම පසුගියදා සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී ත්, කුරුණෑගල, බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානයේ දී ත් සහ කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේ දීත් පැවැත්විනි. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් වෙත ‘විරුසර’ කාඩ්පත් 13,000 ක් ප්‍ර‍දානය කරනු ලැබීය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී කිත්සිරි මහතා, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, යුද හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත, ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ආර්.සී විජේගුණරත්න, නාවික හමුදා මාණ්ඩලික ප්‍ර‍ධානි රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍ර‍ධානි එයාර් වයිස් මාර්ෂල් කේ.එෆ්.ආර් ප්‍ර‍නාන්දු, යුද හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍ර‍ධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා,යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක, ශ්‍රී ලංකා නාවික හමුදා බටහිර ආඥාපති රියර් අද්මිරාල් කේ.කේ.ජේ ද සිල්වා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති අධ්‍යක්ෂ කර්නල් ඩබ්.එම් කරුණාපාල සහ ගම්පහ දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.පීඑස්.පී සඳුන්ගහවත්ත ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද බදාදා (23) පැවති මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් ඇතුළු ලක්ෂ තුනකට අධික රණවිරුවන් වෙත මෙම ව්‍යාපෘතිය තුලින් එළඹෙන අප්‍රේල් මාසය වන විට අදියර 6 ක් තුල ඉහත හිමිකම් කාඩ්පත ලබාදීමට සැලසුම් කොට ඇත.trace affiliate link | Jordan 1 Mid Tropical Twist , Where To Buy , 554724-132 , Nike Air Max 96 green Men Running Shoes