Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st September 2018 12:10:39 Hours

තවත් ක්‍රියාන්විත පෙරහුරුවිම් දෙකක් මදුරන්කේනිකුලම් සහ නරකමුල්ල ප්‍රදේශයේ දී

සැඟවී සිටින සතුරා විනාශ කිරීම පිළිබඳ දැනුම ලබාදීමේ අරමුණින් 4 වන විශේෂ බලකායේ සහ 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (20) දින නැගෙනහිර, මදුරන්කේනිකුලම් සහ නරකමුල්ල යන ප්‍රදේශයන්හි දී තවත් ක්‍රියාන්විත දෙකක් සිදු කරන ලදි.

ඒ අනුව, 4 වන විශේෂ බලකා භට පිරිස් සහ චීන සමූහාණ්ඩුවට අයත් භටපිරිස් හි සහභාගීත්වයෙන් ගුවන් මඟින් ගොස් සතුරු කඳවුරු විනාශ කිරීම සඳහා ක්‍රියාන්විත සිදු කළ අතර, 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් 4 ක් යොදාගනිමින් පැරෂුට් ආධාරයෙන් සතුරු භූමියට කාවැදි සතුරු මරමස්ථාන විනාශ කිරීම සහ සතුරු ගර්භය තුල සිටින සතුරන් පිළිබඳ තොරතුරු විමර්ශනය කිරීමේ ක්‍රියාන්විතයක් ද සිදු කළහ. short url link | Air Jordan