Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th November 2018 19:17:43 Hours

තවත් ඉඩම් අක්කර 57 ක් සිවිල් වැසියන්ට මුදාහැරේ

වන්නි ප්‍රදේශයේ ආරක්‍ෂක හමුදාව විසින් භාවිතා කල රාජ්‍ය නොවන ඉඩම් මුදාහැරීමේ අඛණ්ඩ ක්‍රියාදාමයට සමගාමීව මුන්ඩිමුරිප්පු රක්‍ෂිත ප්‍රදේශයේ අක්කර 56.8 භූමි ප්‍රමාණයක් බදාදා (14) දින මුදාහැරීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබීය.

ඒ අනුව, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල අක්කර 19.7 ක භූමි ප්‍රමාණයක් සහ තවත් අක්කර 37.1 භූමි ප්‍රමාණයක් මෙලෙස මුදාහරිනු ලැබීය.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඉන්දුක වික්‍රමසිංහ විසින් මූලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්. කේතිශ්වරම් මහත්මිය හමුවී නිදහස් කිරීමට නියමිත ඉඩම්වලට අදාල ලිපි ලේඛණ භාරදෙනු ලැබීය.

රජයේ ප්‍රතිපත්තින්ට අනුකූලව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත සියලුම ආරක්‍ෂක සේනා මුලස්ථානයන් යටතේ ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කරනු ලැබු සිවිල් වැසියන්ට අයත් සියලු ඉඩම් මුදා හැරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරනු ලබයි. Sport media | Jordan Ανδρικά • Summer SALE έως -50%