Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th February 2018 23:34:13 Hours

තවත් ආධුනික සෙබලුන් 233 ක් ගාල්ලේ දී විසිරයති

ගාල්ල, බූස්ස, ආධුනික පුහුණු පාසලේ පාඨමාලා අංක - 98 යටතේ පුරා මාස 06 ක කාලයක් සාර්ථකව මූලික පුහුණුව හැදැරූ ආධුණික සෙබළුන් 233 ක් සෙනසුරාදා (24) දින විසිර ගියහ.

හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියකින් සමන්විත වූ මෙම විසිරයාමේ උත්සවය සංස්කෘතික අංගයකින්, වර්ණවත් ශාරිරීක ව්‍යායම සංදර්ශණයකින්, තුර්ය වාදක සංදර්ශණයකින්, ටයිකොන්ඩෝ සටන් ක්‍රම ඇතුළත් සංදර්ශණයකින් හා සරඹ සංදර්ශණයකින් ආදි යන අංග වලින් වර්ණවත් විය. මෙම විසිරයාමේ උත්සවය නැරඹීම සඳහා විසිරයන ආධුණික සෙබලුන්ගේ දෙමාපියන්, ඥාතින් සහ හිතමිත්‍රාදීන් ද පැමිණ සිටියහ.

ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් මැල්කම් ගුණසේකර ගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා සහභාගි විය.

මෙම පාඨමාලාවේ ආධුනික සෙබල එස්.ආර්.පි.කේ. සිංහාරගේ හොඳම ආධුනික සෙබලා ලෙසත්, ආධුනික සෙබල එච්.ආර්.කේ. ජයවිර ශක්තිමත්ම සෙබලා ලෙසත් ආධුනික සෙබල ඩි.එම්.එල්. ලක්මාල් දක්ෂතම වෙඩික්කරු ලෙසත් මෙහිදි කුසලාන හිමි කරගත්හ.

මෙම පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර සෙබලා ලෙස විශේෂ බලකායට අයත් ආධුනික සෙබල එස්.ආර්.පි.කේ. සිංහාරගේ ප්‍රධාන ආරාධිත අමුත්තා ගේ අතින් සම්මාන හිමි කරගනු ලැබීය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් ද පෙළපාලිය නැරඹිම සඳහා එක්ව සිටියහ.

Nike Sneakers Store | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK