Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th December 2016 15:53:45 Hours

තලවකැලේ ප්‍රදේශයේ ඇති වූ ගින්න භට පිරිස් මැඩපවත්වයි

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 3 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් වහා ක්‍රියාත්මක වී නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ හෝලී රෙස්ට් ප්‍රදේශයේ බදාදා (14) දින ඇති වූ ලැව් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.

බදාදා උදෑසන අක්කරයක් පමණ භූමි ප්‍රමාණයක් පුරා පැතිරවුනු මෙම ගින්න පිළිබඳ පුවත සැල වූ 112 බලසේනාව යටතේ නුවරඑළිය ප්‍රදේශයේ සේවයේ නියුතු 3 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් වහා ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.

ඒ අනුව, භට පිරිස් විසින් එදින සන්ධ්‍යාව වනවිට එම ගින්න සම්පුර්ණයෙන්ම මැඩපැවැත්විමට කටයුතු කල අතර, ඒ සඳහා යුද හමුදා සාමාජිකයින් 10 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගි වූහ.

affiliate link trace | Zapatillas de running Nike - Mujer