Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th December 2017 18:24:31 Hours

තද සුළං හේතුවෙන් ආපදාවට ලක්වූ සාමාන්‍ය වැසියන්ට භට පිරිස් සහාය

කිළිනොච්චිය ප්‍රදේශයේ 65 වන සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත 651 බළසේනාවට අයත් 15 වන ස්වේච්ඡා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මල්ලාවි දිස්ත්‍රික් ලේකම් බලප්‍රදේශයේ සිකුරාදා (22) දින තෙවම්පිඩ්ඩි සහ පුදුක්කාඩු ග්‍රාමයන් හරහා හමාගිය තද සුලං හේතුවෙන් විපතට පත් සාමාන්‍ය ජනතාවගේ ආධාරයට පැමිණ තිබේ.

අයහපත් කාළගුණය සහ තද සුළං හේතුවෙන් ගම්වාසීන්ගේ නිවාස 15 අධික ප්‍රමාණයක වහල සම්පූර්ණයෙන් විනාශ වී ගොස් තිබූ අතර, සාමාන්‍ය වැසියන් 74 පමණ ඒ හේතුවෙන් අවතැන්වී සිටියහ.

යුද්ධ හමුදා සාමාජිකයින් 32 ගෙන් සමන්විත පිරිසක් විපතට පත් එම සාමාන්‍ය ජනතාවද සමගින් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ නිවාස 02 සහ අර්ධ වශයෙන් හානිවූ නිවාස 13 නැවත යථා තත්වයට පත් කරන ලදි.

යුද්ධ හමුදා භට පිරිස් විසින් හදිසි ආපදා තත්වය අවබෝධ කර ගනිමින් ඔවුන්ගේ භාවිතය සඳහා තිබූ වහල සෙවිලි තහඩු සහ ටකරන් තහඩු යොදා ගෙන සාමාන්‍ය වැසියන්ට තාවකාලික නේවාසික ස්ථාන ඉදිකර දීමටද කටයුතු කර තිබුණි. 

මේ අතර, 652 බළසේනාවට අයත් 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකු අක්කරායන්කුලම්, ගෝනාවිල් හි වාරිමාර්ග ඇලෙහි ඉවුරු ශුද්ධ පවිත්‍ර කොට නැවත පිළිසකර කිරීමටද දායක වූහ.

මෙම ප්‍රජා සත්කාරක ‘ශ්‍රමදාන’ ව්‍යාපාරය 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධනගේ අධික්ෂණයෙන් 652 වන බළසේනාධිපති කර්නල් ලංකේෂ්වර මාහින්කන්ද ගේ උපදෙස් අනුව සිදුකරන ලදි.

Nike Sneakers | Nike Air Force 1 , Sneakers , Ietp STORE