Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th July 2018 13:25:09 Hours

ඩෙංගු මර්ධනය සඳහා 22 වන සේනාංකයේ සහාය

දිවයින පුරා ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව, 22 වන සේනාංක භට පිරිස් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරින් සමඟ එක්ව ත්‍රිකුණාමලය සහ ඒ අවට ප්‍රදේශයන්වල ජුලි මස 13 සහ 14 යන දිනයන්හිදි දෙදින ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

එම දෙදින වැඩසටහනේ දී රජයේ නිලධාරින් සහ යුද්ධ හමුදා භට පිරිස් විසින් රැකියා ස්ථානයේ සහ පදිංචි ස්ථානයන් අවට සනීපාරක්‍ෂක වටපිටාවක් පවත්වාගෙනයාම තුලින් ඩෙංගු මර්ධනය කළ හැකි ආකාරය පිළිබඳ මහජනතාව දැනුවත් කළහ.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ සහාය ඇතිව 221 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුමිත් ප්‍රේමලාල් ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර, ඒ සඳහා ත්‍රිකුණාමලය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එස් ස්‍යෝලිබවන්, ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරික්‍ෂක උපදේශක එච්.එම් විමලසිරි මහතා, රජයේ නිලධාරින් සහ 60 කට අධික යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගි වූහ. Best jordan Sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov