Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ඩයලොග් රග්බී තරගාවලිය හැව්ලොක් ක්‍රීඩා පිටියේදි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය සහ යුද්ධ හමුදා රග්බි කමිටුව විසින් සත්කාරකත්වය දරනු ලබන ඩයලොග් රග්බි තරගාවලිය 2018/19 පළමු අදියර සිකුරාදා (9) වන දින සවස හැව්ලොක් පාර්ක් ක්‍රීඩාපිටියේදි පවත්වනු ලැබීය.

සිකුරාදා (9) වන දින ආරම්භ කල පළමු තරගයේදි හැව්ලොක් ක්‍රීඩා සමාජය ලකුණු 23 නට 12 ලෙස ජයග්‍රහණය හිමි කරගනු ලැබීය.

මෙම වසරේදි පවත්වනු ලබන රග්බී තරඟාවලිය සඳහා ක්‍රීඩා සමාජ 8 ක් නියෝජනය වන පරිදි දෙසැම්බර් මාසය පුරා පැවැත්වීමට නියමිතව ඇත. මෙම තරගාවලිය සදහා ඉදිරිපත් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා රග්බී කණ්ඩායමේ නායකත්වය යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ ලාන්ස් කොප්‍රල් පි.එම්.යු.සි. අබේරත්න දරනු ලබයි. එමෙන්ම මෙම තරගාවලියේ උප නායකත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කෝප්‍රල් ආර්.එම්. රිස්වි විසින් දරනු ලබයි.  

මෙම තරගාවලියේ සුවිශේෂිත්වය වනුයේ යුද්ධ හමුදා රග්බී කණ්ඩායම නියෝජනය කරමින් ෆීජි රාජ්‍යයේ හී ක්‍රීඩකයන් දෙදෙනෙකු ද ඉදිරි හා පසුබිම් ක්‍රීඩකයන් ලෙස එක්වීමයි.

යුද්ධ හමුදා රග්බි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ අධීක්ෂණය යටතේ, පුහුණු කරු නිහාල් ගුණරත්න මහතා පසුගිය මාස කීපය තුළ දි යුද්ධ හමුදා රග්බි ක්‍රීඩකයින් ඉතා සාර්ථක ලෙස පුහුණු කරනු ලැබීය.

සති 14 ක් පුරා පැවැත්විමට නියමිත ලීග් කුසලාන රග්බී තරගාවලියේ ජයග්‍රාහකයන් තේරීම සඳහා අර්ධ අවසන් වටය හා අවසන් වට දෙකක් පැවැත්වීට නියමිතව ඇත. මෙම කුසලාන තරගාවලියේ අවසන් වටය සඳහා කණ්ඩායම් හතරක් තේරිපත්ව ඇති අතර ඉන් අවසන් මහා තරගය සදහා තරග කරනු ලබන කණ්ඩායම තේරීම සඳහා තව තරග වට දෙකක් පැවැත්විමට ඇත.

පළමු වටයේ තරඟ නොවැම්බර් මස 9 දින සිට දෙසැම්බර් 23 දක්වා පැවැත්වීමට නියමිත අතර, දෙවන වටයේ තරග ජනවාරි 4 දින සිට පෙබරවාරි මස 17 වන දින දක්වා පැවැත්වේ. තවද අවසන් සුපිරි වටය 2019 පෙබරවාරි මස 22 වන දින ආරම්භ වන අතර මාර්තු 03 වැනිදා අවසන් රග්බී කුසලාන තරගය පැවැත්වීමට නියමිතය.

යුද්ධ හමුදා රග්බි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සත්යප්‍රිය ලියනගේ,ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, යුද්ධ හමුදා සාමාජිකයින් හා නොයෙකුත් රග්බී කණ්ඩායම් නියෝජනය කරමින් රග්බී ක්‍රීඩකයින් මෙම තරගාවලිය නරබනු ලැබීය.

තරඟ සඳහා කාලසටහන පහත පරිදි වේ:

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ දි ගුවන් හමුදාවට එරෙහිව ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම නොවැම්බර් 18 දින පස්වරු (1600) පැයට තරගය පැවැත්වීමට නියමිතය.

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ දි ඩයලොග් රග්බී කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම නොවැම්බර් 24 දින පස්වරු (1600) පැයට තරගය පැවැත්වීමට නියමිතය.

කොළඔ පොලිස් ක්‍රීඩාපිටියේදි CH & FC රග්බී කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම දෙසැම්බර් 1 දින පස්වරු (1600) පැයට තරගය පැවැත්වීමට නියමිතය.

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ දි ශ්‍රි ලංකා නාවික හමුදා රග්බී කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම අතර දෙසැම්බර් 7 දින පස්වරු (1600) පැයට පැවැත්වීමට නියමිතය.

කොළඔ පොලිස් ක්‍රීඩාපිටියේදි ශ්‍රී ලංකා පොලිස් රග්බී කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම දෙසැම්බර් 15 දින පස්වරු (1600) පැයට තරගය පැවැත්වීමට නියමිතය.

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ දි CR & FC රග්බී කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම අතර දෙසැම්බර් 21 දින පස්වරු (1600) පැයට පැවැත්වීමට නියමිතය. Sportswear Design | New Releases Nike