Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2018 20:07:49 Hours

ජූඩෝ ක්‍රීඩකයින්ගේ ජාතික මට්ටමේ දක්ෂතා යුද්ධ හමුදාධිපතිගේ ඇගයුමට

කොළඹ ටොරින්‍ටන් ක්‍රීඩාංගණයේ පැවැත් වූ ජාතික ජූඩෝ තරඟාවලිය - 2017 හිදී ක්‍රීඩා අමාත්‍යංශය වෙතින් පිරිනමනු ලැබූ රන්, රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගනිමින් යුද්ධ හමුදා ජුඩෝ ක්‍රීඩකයින් සමස්ථ ශූරතාවය දිනාගත් අතර, ඒ වෙනුවෙන් අද (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඔවුන්ගේ දක්ෂතාවයන් අගයමින් කෙටි උපහාර උත්සවයක් පවත්වනු ලැබීය.

උත්සව පරිශ්‍රයට ප්‍රධාන අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ විසින් උණුසම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජුඩෝ කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ශාන්ත දෙහිවත්ත, එම කමිටුවේ ලේකම් ලුතිතන් කර්නල් සුමේධ විජේකෝන් ඇතුලු යුද්ධ හමුදා ජූඩෝ සමාජයේ නිලධාරින් සහ සෙසු නිලයන් 100 කට ආසන්න පිරිසක් සහභාගි වූ අතර, ජූඩෝ කමිටුවේ සභාපති විසින් ජයග්‍රහකයින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හදුන්වාදෙන ලදි.

ජූඩෝ ක්‍රීඩකයින්ගේ ජයග්‍රහණ පිළිබඳ විමසූ යුද්ධ හමුදාධිපතිතුමන් ඉදිරියටත් යුද්ධ හමුදාව තුල ජූඩෝ ක්‍රීඩාව ඉහළ නංවමින් ජාතික තලයට රැගෙන ඒමටත් ඔවුන්ට සහායදෙන බවට සහතික විය. ජාතික මට්ටමේ කීර්ති නාමයක් යුද්ධ හමුදාවට අත්කරදීම පිළිබඳව ඔවුන්ට ප්‍රශංසා කළ යුද්ධ හමුදාධිපතිතුමන් සෑම ක්‍රීඩාවකදීම නිරන්තර පුහුණුව සහ කැපවීම තුලින් ජයග්‍රහණය අත්පත් කර ගත හැකි බව ද පෙන්වා දෙන ලදි.

ජූඩෝ ක්‍රීඩකයින් 350 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් දෙසැම්බර් මස 20 - 21 දෙදින පුරා පැවති ජාතික ජූඩෝ තරඟාවලිය - 2017 හි අනෙකුත් තරඟකරුවන් සියල්ල අභිබවා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජූඩෝ ක්‍රීඩකයින් ශුරතාවය අත්පත් කරගත්හ.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදාවේ සියළුම ජූඩෝ ක්‍රීඩකයින් එක වහලක් යට එක්රැස් වී හමුවූ ප්‍රථම වතාව මෙය වන අතර, මෙය ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිකුරාදා (19) දින සංවිධානය කර තිබුණි.

උත්සවය වර්ණවත් කරමින්, සියළුදෙනා විසින් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන් සියළු ජූඩෝ ක්‍රීඩකයින් සමඟ සමූහ ඡායාරූපයකට ද සහභාගි වූහ.

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ජූඩෝ තරඟාවලිය - 2017 සඳහා දිවයින පුරා පිහිටි ක්‍රීඩා සමාජ 80 ක් නියෝජනය කරමින් ජුඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 350 කට අධික පිරිසක් සහභාගි වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජූඩෝ ක්‍රීඩකයින් ලකුණු 57.5 ක් ලබාගනීමින් තරඟාවලියේ ශූරතාවය හිමිකරගත් අතර, ලකුණු 43.5 ක් ලබාගනීමින් තරඟාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට හිමි විය. තරඟාවලියේ කාන්තා අංශයේ ශූරතාවය ලකුණු 44.5 ලබාගනීමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් හිමි කරගත් අතර, ලකුණු 14 ක් ලබාගත් ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා කණ්ඩායම තරඟාවලියේ කාන්තා අංශයේ අනුශූරතාවය හිමි කරගත්හ.

මීට අමතර, තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ලාන්ස් කෝප්‍රල් ජේ.එම්.එන් සිල්වා තේරී පත්විය.

ජූඩෝ ක්‍රීඩකයින් සමගින් මෙම හමුව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් එක්ව සිටියහ.

Sportswear Design | Marki