Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd March 2018 15:22:41 Hours

ජාතිය ගොඩනැඟිමේ යුද්ධ හමුදා භට පිරිස් හිඟුරක්ගොඩ ‘චන්දන පොකුණ’ වැවේ අළුත්වැඩියා කටයුතු අරඹයි

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, මින්නේරිය, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ වාරිකාර්මාන්තයට ඉවහල් වන ‘චන්දන පොකුණ’ වැවේ අළුත්වැඩියා කිරීමේ කටයුතු 100 අධික යුද්ධ හමුදා භට පිරිසක් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සමාජිකයන්ගේ දායකත්වයෙන් සිකුරාදා (02) දින ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපෘතිය ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘රජරට නවෝදය’ ව්‍යාපෘතිය යටතේ ‘පිබිදෙමු පොළොන්නරුව’ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනට අනුව මහජනතාවගේ ඉල්ලීම පරිදි පළමු අධියර හිඟුරක්ගොඩ දී අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබීය.

ස්වයං පෝෂිත රටක් වශයෙන් ඉපැරණි වාරිමාර්ග කර්මාන්තය සංවර්ධනය කිරීමේ අරමුණින් වැව් 2400 ක් අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.

දිගු කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකෙරුණු උතුරු, නැගෙනහිර, වයඹ සහ උතුරු මැද පළාත්වල වැව් මෙම වැඩපිළිවෙළ යටතේ ප්‍රතිසංස්කරණය කරනු ලැබේ. ඒ අනුව, පළමු අදියර යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැව් 123 ක් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමට නියමිතයි.

මෙම වැව පූරාණ රජකාලයේ සිට අක්කර දහස් ගණනක් වගා කිරීම සඳහා අවශ්‍ය ජලය සපයන ලද අතර අක්කර 800 ක භූගත ජල ධාරිතාවක් සහිත ‘චන්දන පොකුණ’ වැව අලුත්වැඩියා කිරීමෙන් පසු ගොවි පවුල් 300 කට ප්‍රතිලාභ සැලසෙනු ඇතැයි විශ්වාස කෙරේ.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වන්නේ ‘රජරට නවෝදය’ ව්‍යාපෘතියට අනුව ‘පිබීදෙමු පොළොන්නරුව’ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පූර්ණ සහයෝගය ඇතිවය.

මෙම සමාරම්භක උත්සවයේ දී සියලුදෙනා අමතිමින් ජනාධිපතිතුමන්, මෙම වැඩසටහනේ අරමුණ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කෘෂිකර්මාන්තය හා ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව උත්තේජයක් ලබාදීමටත් රටේ ගොවි ජනතාව සඳහා වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබාදීම සඳහා මෙම වැඩපිළිවල සාර්ථක කරගත යුතු අතර ඒ සඳහා සෑම දෙනාගේම දායකත්වය ලබාදිය යුතු බව වැඩිදුරටත් පැවසීය.

මෙම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මිලියන 16 ක මුදලක් වැයවන බවට ඇස්තුමේන්තු ගත කර ඇති අතර ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීමේන් සිදු කරනු ලබන මෙම ජාතික ව්‍යාපෘතියේ දී මිලියන 2.5 ක් ඉතිරි කරගැනීමට හැකිවනු ඇත.

යුද්ධ හමුදාවෙන් 1/3 ක පිරිසක් ජාතිය ගොඩනැඟිමේ මෙහෙවරෙහි නිරත විය හැකි අතර උපරිම අයුරින් සිවිල් පරිපාලනයට සහයෝගය ලබාදිය යුතු බවට වූ යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයට සමගාමීව ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික) ගේ මඟපෙනවීම යටතේ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වලගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා සාමාජිකයින් සහ යුද්ධ හමුදා යන්ත්‍රෝපකරණ යොදාගනීමින් මෙම වැවෙහි අළුත්වැඩියා කටයුතු සිකුරාදා (02) දින ආරම්භ කරන ලදී.

මෙම ‘චන්දන පොකුණ’ වැව පුරාණ රජ දවසේ සිට පැවැතෙන අතර වගා බිම් අක්කර දහස් ගණනකට ජලය සපයනු ලබයි. මෙමගින් ප්‍රදේශයේ පවුල් 325 කට වැඩි ප්‍රමාණයක් තම ජල අවශ්‍යතාවයන් සහ සනිපාරක්ෂක කටයුතු ඉටු කරගනි. තවද වසර 20 ක පමණ කාලයක් තිස්සේ බලධාරින්ගේ අවධානයට යොමු නොවීම හේතුවෙන් විවිධ පාසි සහ ජලජ පැළෑටිවලින් ග්‍රාහණව පැවති අක්කර 42.2 ක වපසරියකින් යුත් මෙම වැව පත්ව ඇති අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධව ගම්වැසියන් විසින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කරන ලදී.

මෙම වැව පිරිසිදු කිරීමෙන් හා අළුත්වැඩියා කටයුතු නිමකිරීමෙන් පසු වැවේ පරිමාණය තවදුරටත් විශාල වන අතර එමගින් වැසි ජලය එකතු කිරීමෙන් ඕනෑම නියං තත්ත්වයකදි වුවද වගා බිම් අක්කර දහස් ප්‍රමාණයක් සඳහා ජලය සැපයීමට හැකියාව ඇතැයි විශ්වාසය කෙරේ.

රටේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මගින් ග්‍රාමිය ජනතාවගේ ආර්ථීක තත්ත්වය හා ජීවනෝපාය මාර්ග වැඩිදියුණු කිරීම මගින් ග්‍රාමිය අංශයේ සමෘද්ධිය හා සංවර්ධනය තුලින් සෞභාග්‍යමත් නව යුගයක ආරම්භය සඳහා ආරක්ෂක හමුදාවන්හි සහයෝගය ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අපේක්ෂා කරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය ජනාධිපති ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ පොළොන්නරුව ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිති, ග්‍රාම නිලධාරින්, සමෘද්ධි නිලධාරින්, ග්‍රාමිය නායකයින් සහ ගම් මට්ටමේ අනෙකුත් පාර්ශ්වකරුවන් මෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරින්, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ද සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරන ලදී.

‘රජරට නවෝදය’ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ‘පිබිදෙමු පොළොන්නරුව’ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ යුද්ධ හමුදා ඉංජිනේරුවන්, ඉංජිනේරු සේවා බලකාය සහ ක්ෂේත්‍ර ඉංජිනේරුවන්, නාවික සහ ගුවන් හමුදා භට පිරිස් විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 07 ක පාසල්, ආගමික ස්ථාන, රජයේ වෛද්‍ය ආයතනයන්, ‍ඓතිහාසික සිද්ධස්ථාන, ප්‍රජා ශාලා, ක්‍රීඩා සංකීර්ණ, වැව් ප්‍රතිසංස්කරණ වැනි යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සිදුකරන අතර චීන රජයේ ආධාර ඇතිව සිදුකරනු ලබන විශේෂිත ව්‍යාපෘතින් සඳහා ද දායකත්වය දක්වයි.

මෙම ‘චන්දන පොකුණ’ වැව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරිමේ අවස්ථාව සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රන්ජිත් ආරියරත්න මහතා, ‘පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික) ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් පිරිසක් ද සහභාගි විය.

(ඡායාරූප : ජනාධිපති මාධ්‍ය ඒකකය)

Nike Sneakers Store | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify