Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ජාතික පිහිණුම් තරඟාවලියේ දී යුද්ධ හමුදා පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සුවිශේෂි ජයග්‍රහණ

සුගතදාස ගෘහස්ථ පිහිණුම් තටාක සංකීර්ණයේ දී අවසනවු ජාතික පිහිණුම් ශුරතා තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිහිණුම් ඉසව් තුලින් ජයග්‍රහණ රැසක් හිමි කරගෙන ඇත.

පසුගිය වසරේ මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කාන්තා සෙබල ඉෂානි සේනානායක මෙම වසරේ දී ද මීටර් 100 නිදහස් ආර ඉසව්ව මිනිත්තු 1:02.24 කාලයක් වාර්තා කරමින් රන් පදක්කම හිමි කර ගනු ලැබූ අතර, සිකුරාදා (05) දින පැවති මිටර් 200 නිදහස් ආර ඉසව්වෙන් රන් පදක්කම ද මිටර් 50 නිදහස් ආර ඉසව්වෙන් රිදි පදක්කම ද හිමි කරගනු ලැබුහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ ලාන්ස් කෝප්‍රල් ටි.එම්.සි.එල්. ජයසිංහ මීටර් 50 ලය ආර ඉසව්වෙන් රිදී පදක්කම සහ මීටර් 200 ලය ආර ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකර ගත් අතර, අවසන් දින පැවති මිටර් 100 ලය ආර ඉසව්වෙන් ලෝකඩ පදක්කම ද හිමිකරගනු ලැබිය.

මේ අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරඟාවලියේ දී රන් පදක්කම් 2 ක් රිදි පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් හිමිකරගනු ලැබු අතර, යුද්ධ හමුදා පිරිමි පිහිණුම් කණ්ඩායම මෙම වසරේ ආධුණික අංශයේ කණ්ඩායම් ශුරතාවය ද හිමි කරගත්හ.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය (SLASU) විසින් ජාතික පිහිනුම් තරඟාවලිය - 2017, බදාදා (03) දින සිට සෙනසුරාදා (06) වන දින දක්වා පැවැත්වු අතර, මෙම තරඟාවලියට සමගාමිව වයස අවුරුදු 15 පහළ ජාතික පිහිනුම් තරඟාවලිය ද සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය (SLASU) විසින් සංවිධානය කරනු ලබන මෙම ජාතික පිහිණුම් තරඟාවලියේ දී හන්ගේරියාවේ, බුඩාපේස්ට් හි පැවැත්වෙන 17 වන Federal Internationale De Natation (FINA) ශුරතා තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ පෙරහුරුවක් ලෙස සිදු කරනු ලබයි.

යුද හමුදා පිහිනුම් හා දිය පන්දු කමිටුව සභාපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ගේ අධික්ෂණය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාතික මෙන්ම අන්තර් ජාතික තරඟාවලි සඳහා ඉදිරිපත්වීමට අවශ්‍ය පුහුණුව සහ සහාය නිරතුරුව ලබාදෙනු ලබයි.

Nike sneakers | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!