Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ජාතික චෙස් ශූරයා සහ ශූරීය තෝරාගැනීමේ තරඟාවලියේ දී යුද්ධ හමුදා චෙස් ක්‍රීඩකයින් දස්කම් දක්වයි

‘Sri Lanka National (Major Division) / Women’s Qualifying Chess Championship – 2019 හි කාන්තා අංශයේ ශූරතාවය හිමිකරගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් අයි.එන්.ඩි. දිසානායක සමත්වූ අතර ජාතික චෙස් ශූරීය තේරීමේ ‘බී’ කාණ්ඩයේ තරඟාවලිය නියෝජනය කිරීමට ද සුදුසුකම් ලැබීය.

‘Sri Lanka National (Major Division) / Women’s Qualifying Chess Championship – 2019 දිවයින පුරා විවිධ ස්ථානවලදී මාර්තු මස 09 සිට 11 දින දක්වා පැවැති අතර එහිදී ජාතික ‘බී’ කාණ්ඩයේ තරඟාවලිය නියෝජනය කිරීම සඳහා යුද්ධ හමුදා චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරිපත් විය.

යාපනය හින්දු ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැති මෙම තරඟාවලිය අතරතුරදී, 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල බී. රුචිතන් දක්‍ෂතා පෙන්නුම් කල අතර මෙම තරඟාවලියේ දී ඔහු දැක්වූ දක්‍ෂතාවයන් ඉතා අගය කරන ලදී.

තවද, මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදා චෙස් සංචිතය නියෝජනය කරමින සහභාගි වූ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කෝප්‍රල් එම්.ඒ.ජි.ඒ.පී. බණ්ඩාර, එම රෙජිමේන්තුවේ කෝප්‍රල් එච්.කේ.ජි. සම්පත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ලාන්ස් කෝප්‍රල් ටී.ඒ.ටී. මදුෂංක සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා සෙබල එල්.ඩි. මදුෂංක ‘බී’ කාණ්ඩයේ ජාතික චෙස් ශූරයා තෝරාගැනීමේ තරඟාවලිය සඳහා සුදුසුකම් ලබාගත්හ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා චෙස් කමිටුව මෙම තරඟාවලිය සාර්ථකව පැවැත්වීම සඳහා සිය සහයෝගය ලබාදෙන ලදී.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය සඳහා පාසල් සහ සිවිල් ක්‍රීඩා සමාජ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වූහ. Authentic Nike Sneakers | nike air max 95 obsidian university blue book list