Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ජාතික ආධුනික මල්ලවපොර තරඟාවලිය - 2018 හී ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

ශ්‍රී ලංකා මල්ලවපොර කමිටුව විසින් සංවිධානය කරනු ලැබු ජාතික ආධුනික මල්ලවපොර තරඟාවලිය - 2018, කොළඹ ටොරීන්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සැප්තැම්බර් මස 10 සහ 11 දිනයන් හිදී පැවැත්විණි.

මෙම තරඟාවලියේ දී නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස් සහ අනෙකුත් ක්‍රීඩා සමාජ කණ්ඩායම් අභිබවා යමින් රන් පදක්කම් 10 ක්, රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගනිමින් තරඟාවලියේ සමස්ථ ශූරතාවය හිමිකරගැනිමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මල්ලවපොර කණ්ඩායම සමත්විය.

මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා යුද්ධ හමුදා මල්ලවපොර කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ඒ.එම්.ආර්. ධර්මසිරි, යුද්ධ හමුදා මල්ලවපොර කමිටුවේ නියෝජ්‍ය සභාපති කර්නල් යු.ජේ. කොටුවගෙදර, යුද්ධ හමුදා මල්ලවපොර කමිටුවේ ලේකම් මේජර් එච්.එම්.එම්.එච්.කේ. ධර්මසේන සහ යුද්ධ හමුදා මල්ලවපොර කණ්ඩායමේ පුහුණුකරු කෝප්‍රල් ප්‍රනාන්දු සහභාගි වූහ.

ජාතික ආධුනික මල්ලවපොර තරඟාවලිය - 2018 හී යුද්ධ හමුදා ජයග්‍රහණ;

රන් පදක්කම්ලාභින්

කිලෝග්‍රෑම් 57 බර පන්තිය - රයිෆල් සෙබල පී.ඩි.ජේ. ප්‍රභාත් - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

කිලෝග්‍රෑම් 61 බර පන්තිය - ඉංජිනේරු සෙබල එස්.එච්.එම්.ආර්.එන්. සමරසේකර - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය

කිලෝග්‍රෑම් 65 බර පන්තිය - තුවක්කු සෙබල ඩි.ඒ.එස්.එස්. දහනායක - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

කිලෝග්‍රෑම් 70 බර පන්තිය - ඉංජිනේරු සෙබල ඒ.පි.එම්. ජයවීර - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය

කිලෝග්‍රෑම් 74 බර පන්තිය - රයිෆල් සෙබල ඩි.එම්.පි.කේ. දිසානායක - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

කිලෝග්‍රෑම් 79 බර පන්තිය - ඉංජිනේරු සෙබල එස්.පී.පී. සිල්වා - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය

කිලෝග්‍රෑම් 86 බර පන්තිය - රයිෆල් සෙබල ආර්.ඒ.ආර්.එස්. මැද්දෙපොළ - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

කිලෝග්‍රෑම් 92 බර පන්තිය - ඉංජිනේරු සෙබල ජේ.පී.ඩි.පී. ධනවර්ධන - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය

කිලෝග්‍රෑම් 97 බර පන්තිය - බෝම්බඩි කේ.ඩබ්ලිව්.ඩි.සී. පෙරේරා - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව ( කණ්ඩායම් නායක)

කිලෝග්‍රෑම් 125 බර පන්තිය - තුවක්කු සෙබල ආර්.ජි.එල්. රණතුංග - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

රිදී පදක්කම්ලාභින්

කිලෝග්‍රෑම් 57 බර පන්තිය - ඉංජිනේරු සෙබල ඩබ්ලිව්.පී.කේ.ඩි. වීරසිංහ - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය

කිලෝග්‍රෑම් 61 බර පන්තිය - රයිෆල් සෙබල එම්.පී.ආර්. ලක්මාල් - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

කිලෝග්‍රෑම් 65 බර පන්තිය - ලාන්ස් කෝප්‍රල් එම්.එස්. සම්පත් - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

කිලෝග්‍රෑම් 74 බර පන්තිය - රයිෆල් සෙබල ආර්.පී.ඩි.අයි. බණ්ඩාර - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

කිලෝග්‍රෑම් 86 බර පන්තිය - ලාන්ස් කෝප්‍රල් කේ.එම්.එස්.එස්. කෝන්ගොඩ - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

කිලෝග්‍රෑම් 125 බර පන්තිය - රයිෆල් සෙබල කේ.එස්.පී. රාජපක්‍ෂ - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

ලෝකඩ පදක්කම්ලාභීන්

කිලෝග්‍රෑම් 70 බර පන්තිය - ඉංජිනේරු සෙබල එස්.එම්.ආර්.කේ. ජයවර්ධන - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය

කිලෝග්‍රෑම් 92 බර පන්තිය - ලාන්ස් කෝප්‍රල් එච්.පී.බී. නිරංජන් - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව affiliate link trace | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth