Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ජාතික ආධුනික බොක්සිං තරඟාවලියේ දී යුද්ධ හමුදාවට වැඩි ගෞරව

කොළඹ, රෝයල් මාස් ඇරිනාහි දී අඟහරුවාදා (01) දින අවසන් වු ජාතික ආධුනික බොක්සිං තරඟාවලියේ දී යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩකයින් රන් පදක්කම් 7 ක් සහ රිදී පදක්කම් 6 ක් දිනා ගනිමින් එහි ශූරතාවය හිමි කරගත්හ.

මෙහිදි කාණ්ඩ 14 ක් යටතේ පැවති තරඟාවලියේ දී පිරිමි අංශයෙන් රන්පදක්කම් 7 ක් දිනා ගැනිමට යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමත්විය.

පිරිමි අංශයේ රන් පදක්කම් ලාභී යුද්ධ හමුදා ක්‍රීඩකයන් පහතින් දැක්වේ;

කිලෝ ග්‍රෑම් 46 – 49 බර පන්තිය - කේ. අබේගුණවර්ධන

කිලෝ ග්‍රෑම් 52 බර පන්තිය - එම්. උදය කුමාර

කිලෝ ග්‍රෑම් 60 බර පන්තිය - ඒ. මධුෂංක

කිලෝ ග්‍රෑම් 69 බර පන්තිය - වී. නිකලස්

කිලෝ ග්‍රෑම් 81 බර පන්තිය - එල්. අමරසිංහ

කිලෝ ග්‍රෑම් 91 බර පන්තිය - ආර්. සඳකැලුම්

කිලෝ ග්‍රෑම් 91 හා ඉන් ඉහළ බර පන්තිය - කේ. ජයසේන

jordan Sneakers | Nike React Element 87