Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th May 2017 13:54:12 Hours

ජාතික අතරමැදි වයස් කාණ්ඩ පිහිණුම් තරඟාවලියේ දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සුවිශේෂී දක්ෂතා

ජාතික අතරමැදි වයස් කාණ්ඩ පිහිනුම් තරඟාවලිය 2017, මැයි මස 12 සිට 14 දක්වා සුගතදාස ගෘහස්ථ පිහිණුම් තටාකයේ දී තරඟකරුවන් 1000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.

මෙහිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නැවත වතාවක් පිරිමි අංශයේ සමස්ථ ශුරතාවය හිමිකර ගත් අතර, කාන්තා අංශයේ තෙවන ස්ථානය දිනාගන්නා ලදි.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සංවිධායකත්වයෙන් (SLASU) මෙම තරඟාවලිය වයස් කාණ්ඩ කිහිපයක් යටතේ පැවැත් වූ අතර, එනම් වයස අවුරුදු 18 ට අඩු සහ වැඩි, වයස අවුරුදු 15 ට අඩු, වයස අවුරුදු 13 ට අඩු සහ වයස අවුරුදු 11 ට අඩු වශයෙන් වේ.

එහිදි යුද්ධ හමුදාව විසින් පිරිමි අංශයෙන් රන් පදක්කම් 14 ක්, රිදී පදක්කම් 12 ක් සහ ලෝකඩ පදක්කම් 11 ක් දිනාගත් අතර, කාන්තා අංශයෙන් රන් පදක්කම් 07 ක්, රිදී පදක්කම් 07 ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් දිනා ගනු ලැබීය.

latest jordan Sneakers | adidas Campus 80s South Park Towelie - GZ9177