Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2016 20:09:16 Hours

ජනාධිපති නිළ නිවසේ සම්මාන මුර රාජකාරි හුවමාරු වේ

ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය විසින් මෙතෙක් සිදු කල සම්මාන මුර රාජකාරි සෙනසුරාදා (01) දින උදෑසන කොළඹ, කොටුව පිහිටි ජනාධිපති මන්දිරයේ පැවති කෙටි උත්සවයක දි ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාර දෙන ලදි.

ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය විසින් මාස 6 ක පමණ කාලයක් සිදු කල මෙම සම්මාන මුර රාජකාරීන් ලිඛිතව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාරදීම එහිදි සිදුවිය.

එම කෙටි උත්සවය අවසානයේ භට පිරිස් අතර සුභපැතුම් හුවමාරුවක් ද සිදු විය.

Best Sneakers | Nike Shoes, Clothing & Accessories