Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd March 2017 08:32:00 Hours

චීන ආරක්ෂක අමාත්‍යවරයා වෙත සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දී සම්මාන පෙළපාලියක් පිරිනමයි

ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක යෙදී සිටින මහජන චීන සමූහාණ්ඩුවේ ආරක්ෂක අමාත්‍ය මෙන්ම, රාජ්‍ය සභා මන්ත්‍රි ජෙනරාල් චෑන්ග් වැන්කුවෑන් අද (21) දින උදෑසන සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙහි සංචාරයක නිරත විය. මෙම විද්‍යාලයේ විදේශිය අපේක්ෂකයින් ද ‘psc’ උපාධි පාඨමාලාව හදාරනු ලැබේ.

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයට සපැමිණි චීන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා එහි සේනාවිධායක මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් පිළිගන්නා ලදි.

අනතුරුව, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් චීන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමන් එම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ ප්‍රධාන පීඨිකාව වෙත කැඳවාගෙන ගිය අතර, එහිදී ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදානුකුලව සම්මාන පෙළපාලියක් පිරිනමන ලදි.

ඉන්පසුව, ජෙනරාල් චෑන්ග් වැන්කුවෑන් විසින් ඔහුගේ නියෝජිත පිරිස ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හට හඳුන්වාදුන් අතර, එම විද්‍යාලයේ කාර්යභාරය සහ විෂය නිර්දේශය පිළිබඳව කෙටි ඉදිරිපත් කිරීමක් ද නරඹන ලදි. මෙම අවස්ථාව සඳහා චීන නියෝජිත පිරිස ඇතුළු එම විද්‍යාලයීය ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.

මෙම සංචාරය අවසානයේ දී, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායකතුමන් විසින් චීන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමන්ගේ පැමිණීම සංකේතවත් කරමින් එම විද්‍යාලයීය ලාංඡනය සහිත විශේෂ සමරු තිළිණයක් එතුමා වෙත පිළිගැන්වූ අතර, චීන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමන් විසින් සේනාවිධායකතුමන් වෙත ද සමරු තිළිණයක් පිරිනමන ලදි. එහිදී විද්‍යාලයීය සේනාවිධායකතුමන්ගේ ඉල්ලීමකට අනුව චීන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා විසින් මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි ද අත්සන් තබන ලදි.

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සංචාරය කිරීමට පෙර, චීන ආරක්ෂක අමාත්‍යතුමන් සඳුදා (20) දින අතිගරු ජනාධිපතිතුමා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා සහ ආරක්ෂක ලේකම්තුමා හමුවූ අතර, චීන ආරක්ෂක අමාත්‍ය හා ගරු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට ද සහභාගී විය.

Sport media | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092