Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th December 2017 15:48:33 Hours

චාවකච්චේරි නත්තල් බැති ගී ප්‍රසංගය උත්කර්ෂවත් අයුරින්

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 523 වන බලසේනාවට අයත් 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 12 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස්, නත්තල් උත්සවයට සමගාමීව සෙනසුරාදා (23) දින යාපනය චාවකච්චේරි පිහිටි ‘Pride of India’ දේවස්ථානයේ දී විශේෂ නත්තල් වැඩසටහනක් පවත්වනු ලැබීය.

මෙහිදි ප්‍රදේශයේ පාසල් කිහිපයක සිසුන් සම්ප්‍රදායික සහ නූතන නත්තල් බැති ගී සිංහල, ඉංග්‍රීසි සහ දමිළ භාෂා ත්‍රිත්වයෙන්ම ගායනා කරනු ලැබීය. මෙම අවස්ථාවට 523 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටිකිරි දිසානායක සහ කතෝලික පූජකවරුන් කිහිපදෙනෙකු විශේෂ ආරාධිතයින් ලෙස සහභාගි විය.

මෙම බැති ගී ප්‍රසංගය අවසානයේ 523 වන බලසේනාවේ බලසේනාධිපති විසින් බැති ගී ගායනා කිරීම සඳහා සහභාගි වූ සියලුම සාමාජිකයන් වෙත ත්‍යාග ප්‍රදානය කළ අතර, මෙම අවස්ථාව තවත් වර්ණවත් කරමින් පැමිණ සිටි නත්තල් සීයා කුඩා දරු දැරියන්ට තෑගි හා සෙල්ලම් බඩු පිරිනැමිම ද සිදු කරන ලදි.

Running sneakers | Nike Shoes