Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th September 2017 12:44:25 Hours

ගෞරවණිය අමුත්තන් අභියස දියකාවා ක්ෂේත්‍ර යුධ අභ්‍යාසයේ 'අතිශය තීරණාත්මක ප්‍රහාරය' (Critical Engagement) අදියර දිගහැරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුරෝගාමිත්වයෙන් සංවිධානය කරනු ලබන ‘දියකාවා VIII – 2017 යුධ අභ්‍යාසය’ 'අතිශය තීරණාත්මක ප්‍රහාරය' (Critical Engagement) යන තාක්ෂණික නමින් හඳුන්වන යුධ අභ්‍යාස අදියර ත්‍රිකුණාමලය, කුච්චිවෙලි හිදි බ්‍රහස්පතින්දා (14) දින පවත්වන්නට යෙදුණි. දිය සහ ගොඩ බිමේන් සතුරු කඳවුරු වෙත සිදු කරන බහුවිධ ප්‍රහාරයන් මෙම 'අතිශය තීරණාත්මක ප්‍රහාරය' යන අදියර යටතේ ක්‍රියාත්මක වේ.

මෙම ඒකාබද්ධ යුධ අභ්‍යාසයට කමාන්ඩෝ සහ විශේෂ බලකා සෙබළුන් බහුතරයක් ඇතුලත්ව යාන්ත්‍රික හා පාබල හමුදා සෙබළුන් 2108 ක් නාවික හමුදා සෙබළුන් 370 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 197 ක් සමගින් රටවල් 13 ක් නියෝජනය කරමින් විදේශීය හමුදා නියෝජිතයින් සහ නිරික්ෂකයින් 69 ක් ද සහභාගි විය.

කඳවුරු පරිශ්‍රයට පහරදිමේ අවසන් යුධ අභ්‍යාසය කමාන්ඩෝ සහ විශේෂ බලකා භට පිරිස්හි මුලිකත්වයෙන් ඇරඹුණු අතර, පසුව එම්අයි 24 හෙලිකොප්ටර් යානා, මිග් ප්‍රහාරක යානා සහ නාවික ප්‍රහාරක යාත්‍රා ද එක්වි සතුරු ස්ථාන අකෘති වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ විය. යුධ අභ්‍යාසය නැරඹීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න සහභාගි විය.

මෙම අභ්‍යාසයේ ප්‍රධාන ඉලක්කය වුයේ විශේෂ මෙහෙයුම් සඳහා සහභාගිවන භටපිරිස් වල සුදානම, ක්‍රියාන්විත සූදානම සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමයි.

අභ්‍යාසයේ අරමුණු වුයේ යුද්ධ හමුදා නිපුණත්වය හා දැනුම බෙදාහදා ගැනිම, ඒකාබද්ධ මෙහෙයුම්වල ස්වභාවයක් වන ‘අන්තර්ක්‍රියාකාරී හැකියාව’ ප්‍රගුණ කිරීම, විවිධාකාරි වු පරිසර වල විවිධාකර වු විධාන මට්ටම් වල මෙහෙයුම් කිරීමේ හැකියාව ප්‍රගුණ කිරීම, පොදු අවබෝධය වර්ධනය කිරීම, හමුදා න්‍යායික දැනුම පරික්ෂාව සහ විශේෂ මෙහෙයුමේ වල මූලධර්ම පුහුණු කිරීම සහ එම මෙහෙයුම් වලට දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් ඒකාබද්ධ කිරීම යන කරුණු වේ.

යුධ අභ්‍යාස අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් ආරම්භක හැදින්විමක් සිදු කරමින් පැවසුයේ මේ වන විට මෙම අභ්‍යාසය සිදු කරන නැගෙනහිර පළාතේ තෝරාගත් ඉහළ වටිනාකමක් ඇති ඉලක්කයන් සඳහා විශේෂ මෙහෙයුම් භට පිරිස් යොදා සටන්බිම හැඩගස්වා අනතුරුව සිදු කරන ප්‍රහාර සඳහා සුදුසු වාතාවරණය සකස්කර ඇති බවයි.

මේ අතර, අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තම නිල නිවසට සවිකරන ලද විශේෂ බහුමාධ්‍ය ජාලය මගින් (multimedia network) අවසන් යුධ අභ්‍යාසය නරඹා, අභ්‍යාසයට සහභාගි වුවන් අමතා ඔවුන් දිරිමත් කලේය.

මෙවර ‘දියකාවා VIII - 2017 යුද අභ්‍යාසය’ හී මෙහෙයුම් සඳහා GIS මෘදුකාංගය, ඩිජිටල් සිතියම් සහ ස්මාර්ට් තාක්ෂණයෙන් දත්ත ඇතුලත් කල පුවරු යන නවීන තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගි කරගනිමින් ඒකාබද්ධ නාවික මෙහෙයුම්, රාත්‍රි මෙහෙයුම් සහ කමාන්ඩෝ සහ විශේෂ බලකා මෙහෙයුම් සිදු කර ඇත.

දියකාවා ක්ෂේත්‍ර යුද අභ්‍යාසයේ අධ්‍යක්ෂක මේජර් ජෙනරල් අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ඇතුළු මණ්ඩලයක සම්බන්ධීකරණයෙන් මෙම ‘දියකාවා VIII – 2017 යුධ අභ්‍යාසය’ හී සියලු මෙහෙයුම් වෘත්තිමය මට්ටමින් සැලසුම් කර ඇත.

මෙම පුහුණු යුධ අභ්‍යාස අධ්‍යක්ෂ මණ්ඩලයේ අනෙකුත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් ලෙස බ්‍රිගේඩියර් නිශාන්ත හේරත්, බ්‍රිගේඩියර් සුජිව සෙනරත් යාපා, බ්‍රිගේඩියර් උදීත් බණ්ඩාර, කර්නල් චන්ද්‍ර ජයවීර, කර්නල් සුජිව හෙට්ටිආරච්චි සහ කර්නල් චන්දන වික්‍රමසිංහ කටයුතු කරනු ලබයි.

‘දියකාව VIII – 2017’ යුධ පුහුණු අභ්‍යාසය සැප්තැම්බර් මස 03 (ඉරිදා) දින පස්වරුවේ දී මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී ආරම්භ විය.

මෙම පුහුණු අභ්‍යාසය මුලික වශයෙන්ම පාමුර සංචාර, කදවුරු තුළට රිංගීම සහ පිටවීම, පිරික්සුම් සහ ආවේශණය, යුද පිරික්සීම, සම්බන්ධවීම, අල්ලාගැනීම, ඉදිකිරීම් හා කඩා බිද දැමීම්, වැටලීම්, රැක සිට පහර දීම, වටලා පහරදීම්, ගලවාගැනීමේ මෙහෙයුම්, නාගරික සටන් සහ ආපදා කළමණාකරණ මෙහෙයුම් ආවරණය වන පරිදි සිදු කරනු ලැබීය.

මෙම ක්ෂේත්‍ර පුහුණු යුධ අභ්‍යාසය සතුරු කඳවුරට ප්‍රහාර එල්ල කිරීමේ අදියර පැමිණිමේ දී අනෙකුත් හමුදා භට පිරිස් යුද්ධ හමුදා භට පිරිස් සමඟ එක්වු අතර, ඕනම අවස්ථාවකදි විශේෂ මෙහෙයුම් සඳහා සෙබලුන් ස්ථානගත කිරීම සහ ඒකාබද්ධ මෙහෙයුම් සැලසුම් කිරීම යන කරුණු පුහුණුවීමට මෙම අභ්‍යාසය සංවිධානය කරනු ලබයි.

සති තුනක් පුරා පැවැත්වෙන මෙම අභ්‍යාසයේ මෙහෙයුම් නැගෙනහිර පළාතේ සහ වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයේ සැප්තැම්බර් මස 24 දින දක්වා පැවැත්වේ.

මීට අමතරව සියලුම සහභාගිවන්නන් හට ගලවාගැනීමේ මෙහෙයුම්, ඒකාබද්ධ මෙහෙයුම්, ආරක්ෂිත නිවාස වැටලීම් , දිය යට සිදු කරනු ලබන මෙහෙයුම්, නිදර්ශන වටලා පහරදීම්, සැලසුම්, සුදානම් වීම, ගොඩනැගීම්, සම්බන්ධීකරණය, අණ පාලනය, උපක්‍රම, තාක්ෂණික ක්‍රම සහ පටිපාටින්, නියමිත කාලය තුල දී ක්‍රියාන්විත සිදු කිරීම් ගුවන් සහ නාවික ගලවා ගැනීම් මෙහෙයුම්, ප්‍රහාරදීම් සහ බුද්ධි තොරතුරු රැස්කිරීම් පිළිබද මෙම අභ්‍යාස මගින් පුළුල් ප්‍රායෝගික දැනුමක් ලබාදෙන ලදි.

විදේශිය රටවල් කිහිපයක තානාපති කාර්යාල නිලධාරින්, හමුදා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්, නියෝජ්‍ය පොලිස්පති, ගුවන් සහ නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම සතුරු කඳවුරට ප්‍රහාරය එල්ල කරන අවස්ථාව නැරඹීය.

සහභාගිවුවන් සමඟ ඇතිවු කථාබහ අතරතුර, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක කමාන්ඩෝ සහ විශේෂ බලකා භටයින්ගේ සාර්ථක පුහුණුව පිළිබඳවත් සහභාගිවු අනෙකුත් භටපිරිස් මෙහෙයුමට දැක්වු දායකත්වය පිළිබඳවත්, ඔවුන්ගේ කුසලාතා පිළිබඳවත් මෙහිදි පැසසුමට ලක් කලේය.

මෙම යුද්ධ අභ්‍යාසය මේ වන විටත් විදේශිය ආරක්ෂක ආයතන වල ප්‍රසිද්ධියක් උසුලන අතර, මේ වන විටත් වර්ෂික යුද්ධ හමුදා දින දර්ශනයේ මෙම යුධ අභ්‍යාසයට ඉඩක් වෙන්වි ඇති.

‘දියකාවා යුද්ධ අභ්‍යාසය’ ශ්‍රී ලංකාවේ සිදු කරන ඒකාබද්ධ යුධ අභ්‍යාසය වන අතර මෙමගින් ප්‍රගුණ කරන මෙහෙයුම් ක්‍රමවේද සහ කුසලතා රටෙහි ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන ආරක්ෂක හමුදාවන්ට ඉතා වැදගත් වේ.

trace affiliate link | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ