Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th June 2018 12:22:22 Hours

ගෝතමී විහාරය පිරිසිදු කිරිම සඳහා භට පිරිස් හි සහාය

ලෝක පරිසර දිනයට සමඟාමීව බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයට අයත් 144 වන බලසේනාවේ භට පිරිස් විසින් සිකුරාදා (8) දින බොරැල්ල, ගෝතමී විහාරයේ පවත්වන ලද ශ්‍රමදාන ව්‍යාපාරය සඳහා සහාය දක්වන ලදී.

මෙම ශ්‍රමදාන ව්‍යාපාරය, විහාරාධිපති ස්වාමීන්වහන්සේ විසින් 144 වන බලසේනාවේ බලසේනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ක්‍රියාත්මක කරන ලද අතර 20 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් විසින් සිකුරාදා (8) දින පැය කිහිපයක් ඇතුළත විහාර පරිශ්‍රය සම්පුර්ණයෙන්ම පිරිසිදු කරන ලදී.

මෙම ශ්‍රමදාන ව්‍යාපාරය අවසානයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ විසින් කෙටි අනුශාසනාවක් සිදුකරමින් යුද්ධ හමුදාව, යුද්ධ හමුදාධිපතිතුමන්, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ඇතුළු සේවයේ නියුතු සියළුම යුද්ධ හමුදා සාමාජිකයන් හට සෙත් පැතුහ.

Running Sneakers Store | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ