Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th May 2020 11:10:32 Hours

ගුවන් තොටුපලේ රාජකාරියේ නිරතව සිටින ත්‍රිවිධ හමුදාවේ වීරෝදාර රණවිරුවන් නිරන්තරයෙන් PCR පරීක්‍ෂණවලට යොමු කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ හා ආරක්‍ෂක අංශ විසින් රට තුළ කොවිඩ් - 19 වෛරසය පැතිරීම සහ වැළැක්වීම සඳහා ගතයුතු සියළුම ක්‍රියාමාර්ග මේ වනවිට ක්‍රියාත්මක කරමින් සිටින බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන දියගම (ITUM) නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 158 ක්, දියගම (Sport complex) නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයෙකු, පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 18 ක්, කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 32, පල්ලේකැලේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 14 ක්, නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 08 ක් ඇතුළු පුද්ගලයින් 231 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (31) දින සිය නිවෙස් වෙත පිටත් කරන ලදී.

ඒ අනුව, අද (31) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 11,483 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (31) දිනය වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 46 ක් තුළ පුද්ගලයින් 5,087 දෙනෙකු මේ වනවිට නිරෝධායනය වෙමින් සිටියි. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි රාජකාරියේ යෙදී සිටින හමුදා රණවිරුවන් වරින් වර PCR පරික්‍ෂණ වලට භාජනය කරන අතර එම වාර්ථා වලට අනුව ගුවන් තොටුපල මඟින් පැමිණෙන පර්යන්තයේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන යුද්ධ හමුදා ලුතිනන් කර්නල්වරයෙකු කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට PCR පරික්‍ෂණ මඟින් තහවුරු වී ඇති අතර ඔහු මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

නාවික හමුදාව තුළින් ගත වූ පැය 24 තුළ කොවිඩ් - 19 ආසාධිත රණවිරුවන් 25 දෙනෙකු වාර්ථා වූ අතර ඒ අනුව, අද (31) දිනය වන විට කොවිඩ් - 19 වෛරස් අසාදිත වීරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 750 ක් වේ. ඉන් 403 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැර වී ඇත. එසේම, දැනට වීරෝධාර රණවිරුවන් 347 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. Nike air jordan Sneakers | Nike - Shoes & Sportswear Clothing