Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ගම්පොළ පෙරහැර සඳහා මධ්‍යම සෙබළුන්ගේ සහය

ගම්පොල කොත්මලේ මොරපේ පිහිටි ශ්‍රී කතරගම දේවාලයෙහි වාර්ෂික පෙරහැර නිමිත්නෙත් එම දේවාල පරිශ්‍රයෙහි පිරිසිදු කිරීමේ කටයුතු සහ පෙරහැර සංවිධාන කටයුතු සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 111 බලසේනාවෙහි 2 වන (ස්වේච්ඡා) රයිෆල් බලකා භට පිරිස් විසින් සිකුරාදා (30) දින සිදු කරනු ලැබීය.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ මඟපෙන්වීමෙන් 2 වන (ස්වේච්ඡා) රයිෆල් බලකා අණදෙන නිලධාරීගේ පූර්ණ අධීක්ෂණය යටතේ එම ශ්‍රමදාන වැඩසටහන පවත්වනු ලැබීය.

එමෙන්ම පෙරහැර පැවැත්වීම සඳහා අවශ්‍ය සහයෝගය ද භට පිරිස් විසින් ලබා දෙන ලදී.

Running sneakers | nike air max 95 obsidian university blue book list