Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd November 2018 13:18:51 Hours

ගජබාපුර දී පැවැති දැවැන්ත වෛද්‍ය කඳවුරෙන් දිළිඳු පවුල්වල රෝගීන් 1146 සඳහා වෛද්‍ය පහසුකම්

62 වන සේනාංකයේ භට පිරිස් විසින් සෙනසුරාදා (17) දින ගජබාපුර විද්‍යාලයේ දී සංවිධානය කරනු ලැබු ජංගම වෛද්‍ය කඳවුරේ දී වාර්තාගත ලෙස වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගජබාපුර ප්‍රදේශයේ පදිංචි දිළිඳු පවුල්වල සිවිල් වැසියන් 1146 කට වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙනු ලැබීය.

62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එල්.ඒ.එන්.එස්. වනිගසිංහ ගේ මූලිකත්වයෙන් පවත්වනු ලැබු මෙම වෛද්‍ය කඳවුර සඳහා ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරුන් 11 ක්, වෛද්‍ය නිලධාරින් 29 ක් සහ වෛද්‍ය සහායකයින් 103 ක් සිය දායකත්වය ලබාදෙන ලදි.

මෙම වෛද්‍ය කඳවුර සඳහා 62 වන සේනාංකය, 621 වන බලසේනාව සහ 14 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය හිමිවූ අතර වෛද්‍ය කඳවුර සඳහා සහභාගිවූවන්ට කෙටි ආහාරපාන ද යුද්ධ හමුදාව විසින් සපයනු ලැබීය.

මෙම වෛද්‍ය කඳවුර සාර්ථකව පැවැත්වීම සඳහා යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජිව මුණසිංහ සිය සහයෝගය ලබාදෙනු ලැබීය. මෙම සායනයට සහභාගිවූ ඇතැම් රෝගීන් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ජාතික රෝහලට යොමු කිරීම ද වැඩිදුර ප්‍රතිකාර සඳහා වෛද්‍ය සායන සඳහා නිර්දේශ කිරීම ද මෙහිදි සිදු කරනු ලැබීය. තවද මෙම වෛද්‍ය සායනයේ දී විශාල ඖෂධ තොගයක් බෙදාදෙනු ලැබීය.

මෙම වෛද්‍ය කඳවුර සඳහා 62 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි වූහ.Authentic Nike Sneakers | New Balance 991 Footwear