Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2016 16:42:28 Hours

ගජබා සුපර් ක්‍රොස් යුද හමුදා ධාවකයින්ගේ හැකියාවන් ප්‍රදර්ශණය කරයි

ගජබා රෙජිමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ ගජබා සුපර් ක්‍රොස් - 2016 මොටර් රථ තරඟාවලිය අගෝස්තු මස 28 වන දින ඉතා උණුසුමු අයුරින් සාලියපුර ගජබා රෙජිමේන්තු ධාවන පථයේ දී පවත්වනු ලැබීය. මෙම ඉසව්ව ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා රේසින් මෝටර් රථ ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලැබීය. මෙම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ගජබා රෙජිමේනතුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් රන්ජන් ලමාහේවා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මෙම තරඟවලිය අවසානයේ දී ජයග්‍රාහකයින් හට කුසලාන සහ සහතික පත් ප්‍රදානය කර්නල් සේනාවිධායක සහ ජ්‍යෙස්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබීය. ගජබා සුපර් ක්‍රොස් තරඟාවලියේ ජයග්‍රාහකයින් පහතින් දැක්වේ. ගෘප් ට්‍රක් (T) සහ ජීප් (J) විවෘත ඉසව්ව කර්නල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් - තුන්වන ස්ථානය එම්එක්ස් රේසින් මෝටර් සයිකල් 125 cc - ආරක්ෂක සේවා ඉසව්ව සංඥා සෙබල බුද්ධික සිල්වා - ශ්‍රී ලංකා සංඥා බලකාය - පළමු ස්ථානය කෝප්‍රල් සමීර ප්‍රේමරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - දෙවන ස්ථානය ලාන්ස් කෝප්‍රල් මිතුන් ජයසේකර සිගේරා - ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය - තුන්වන ස්ථානය එම්එක්ස් රේසින් මෝටර් සයිකල් 125cc ජාතික ඉසව්ව කෝප්‍රල් සමීර ප්‍රේමරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - දෙවන ස්ථානය සංඥා සෙබල බුද්ධික සිල්වා - ශ්‍රී ලංකා සංඥා බලකාය - තුන්වන ස්ථානය එස්ටීඩී/ එම්ඕඩී සයිකල් 125cc - ජාතික ඉසව්ව කෝප්‍රල් පී.ආර් විජේරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - ප්‍රථම ස්ථානය එම්එක්ස් රේසින් මෝටර් සයිකල් 250cc ජාතික ඉසව්ව තරඟය - 1 ලාන්ස් කෝප්‍රල් මිතුන් ජයසේකර සිගේරා - ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය - ප්‍රථම ස්ථානය තරඟය - 2 කෝප්‍රල් සමීර ප්‍රේමරත්න - විජයබාහු පාබල රෙජිමේන්තුව - තුන්වන ස්ථානයbridge media | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092