Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st March 2018 00:12:35 Hours

ගජබා රෙජිමේන්තුවේ ‘වර්ණ රාත්‍රිය’ ඉතා උත්කර්ෂවත් අන්දමින්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් ගෞරවණිය රෙජිමේන්තු අතරින් එකක් වන ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සහ ජාතික මට්ටමේ ක්‍රීඩකයින් මෙන්ම රණක්ෂිතයට පත් ආබාධිත ක්‍රීඩකයින් ඇතුළුව එම රෙජිමේන්තුවට සහ යුද්ධ හමුදාවට කීර්තියක් අත්කරදුන් ක්‍රීඩකයින් අගයමින් සිදු කෙරෙන ‘වර්ණ රාත්‍රිය’ අඟහරුවාදා (20) සන්ධ්‍යාවේ දී කොළඹ, බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මෙන්ම ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි වූ අතර ලෝකයේ කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ද ගෞරවණිය ආරාධිතයකු ලෙස මෙම අවස්ථාවට එක්විය.

ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් හමුදා සම්ප්‍රදායනුකූලව ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙස් නැටුම්කරුවන්ගෙන් සමන්විත වර්ණවත් පෙරහැරකින් ශ්‍රවණාගාරය වෙත කැටුව යන ලදි. ප්‍රධාන ආරාධිත අමුත්තා, ගෞරවණිය ආරාධිතයන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ කෙරිණි.

රට දැය වෙනුවෙන් දිවි පිදු යුද්ධ හමුදා රණවිරුවන් සිහිකරමින් විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තුවේ විශීෂ්ඨත්වය හා අන්නෝන්‍ය සබැඳියාව නිරෑපනය කරමින් රෙජිමේන්තු ගීතය ගායනා කරන ලදී. අනතුරුව ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පිළිගැනීමේ දේශනය පවත්වනු ලැබීය.

ඉන් අනතුරුව ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වූ නැසීගිය මේජර් ජෙනරල් විජය විමලරත්න ගේ ප්‍රිය භාර්යාව වන මානෙල් විමලරත්න මහත්මිය විසින් 35 වන රෙජිමේන්තු සංවත්සර සැමරුම නිළ වශයෙන් ආරම්භ කරන ලදි.

එහිදි පසුගිය වසරවල දී ක්‍රීඩා ජයග්‍රහණ පිළිබඳ වාර්තාමය චිත්‍රපටයක් ඉදිරිපත් කර පැමිණ සිටි ප්‍රේක්ෂකයින් ප්‍රබෝධමත් කිරිමෙන් අනතුරුව වර්ණ ප්‍රදානය ආරම්භ කරනු ලැබීය.

යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායමේ සංස්කෘතික සහ සංගීතමය අංගයන්ගෙන් වර්ණවත් වූ මෙම රාත්‍රියේ දී 2012, 2013, 2014, 2015, 2016 හා 2017 යන වර්ෂයන්හිදි යුද්ධ හමුදා, ආරක්ෂක සේවා, ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් දක්ෂතා දැක් වූ ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් 101 ක් (සේවයේ නියුතු සහ රණක්ෂිතයට පත්) සඳහා වර්ණ ප්‍රදානය කරන ලදි.

යුද්ධ හමුදා, ආරක්ෂක සේවා, ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින්ට වර්ණ ප්‍රදානය කිරීම සඳහා ලුතිනන් ජෙනරාල් ජගත් ඩයස් (විශ්‍රාමික), ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ලෝකප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයකු වන මහේල ජයවර්ධන සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ද එක්ව සිටියහ.

පසුගිය වසර කිහිපය තුළ ජාතික හා ජාත්‍යාන්තර මට්ටමින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශීෂ්ඨ දක්ෂතා දැක්වු ගජබා රෙජිමේන්තුවේ ක්‍රීඩකින් වෙත වර්ණ ප්‍රදානය කිරීම සඳහා සංදර්ශනයේ අවසන් භාගයේ දී ප්‍රධාන ආරධිත අමුත්තාට පීඨිකාවට ආරාධනා කරන ලදි.

ඉන් අනතුරුව, ජයග්‍රාහකයින් 19 දෙනෙකු නරඹන්නන්ගේ අත්පොලසන් මධ්‍යයේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සුරතින් වර්ණ ලැබීය.

මෙම වර්ණ රාත්‍රියේ දී ගජබා රෙජිමේන්තුවේ ක්‍රීඩකයින් 378 දෙනෙකු වර්ණ හිමි කරගත් අතර, ඒ අතරින් ක්‍රීඩකයින් 101 දෙනෙකු යුද්ධ හමුදා වර්ණ හිමිකරගැනීමට සුදුසුකම් ලැබීය.

මෙහිදි ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඔවුන් අමතමින් යුද්ධ හමුදා වර්ණ ලබාගත් ක්‍රීඩකයින් 101 දෙනා හට සුභ පැතුම් එක් කළහ.

මෙම වර්ණ රාත්‍රිය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද එක්ව සිටියහ.

jordan release date | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf