Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th February 2018 23:56:52 Hours

ගජබා රෙජිමේන්තු භට පිරිස් හි මනස සුවපත් කිරිමට ‘කඳුල’ සාලියපුරට

සිවිල් ජනතාව අතර සහයෝගිතාවය සහ අනෝන්‍ය අවබෝධය ඇතිකරමින් අනුරාධපුර, සාලියපුර, ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී බ්‍රහස්පතින්දා (22) දින චාල්ස් තෝමස් සහෝදර තුමන් විසින් මෙහෙය වනු ලබන ‘කඳුල’ සංගීත වැඩසටහන 10000 කට අධික පුජ්‍ය පක්ෂය, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා පොලිස් සාමාජිකයින්, හෙද පුහුණු පාසලේ සිසුන්, රජයේ නිළධාරින් සහ සිවිල් වැසියන් පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

ගජබා රෙජිමේන්තු අධිපති මෙන්ම ශ්‍රි ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල්, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනයෙන් සියලු ජනතාව අතර සාමය හා සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් ප්‍රථම වරට ගජබා රෙජිමේන්තුවේදී මෙම වැඩසටහන පවත්වන ලදි.

සහෝදරත්වය, මානුෂිය ගුණාංග සංවර්ධනය සහ එකමුතුකම යන උසස් ගුණාංගයන් සංවර්ධනය කිරිම තුලින් උසස් මානව සමාජයක් නිර්මාණය කිරිමේ අදිටනින් යුතුව චාල්ස් තෝමස් සහෝදර තුමන් විසින් පවත්වනු ලබන මෙම සංගීතමය වැඩසටහන තුලදී ප්‍රසිද්ධ සම්භාව්‍ය ගීත හා ඒවායේ ගී පද වල ඇති අර්ථය ප්‍රකාශනය කිරිමෙන් සහ එම ගීත ගායනයෙන් රසිකයන් හට ඉතා උසස් රසස්වාදයක් ලබාදෙන අතර, ඉන් දැහැමි සමාජයක් නිර්මාණය සඳහා ඉවහල් වන වැඩසටහනක් ලෙස ‘කඳුල’ වැඩසටහන පවත්වනු ලබයි.

ගජබා රෙජිමේන්තු අධිපති, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ගජබා රෙජිමේන්තු කමිටු සාමාජිකයින්, අණදෙන නිලධාරින් සහ සෙසුනිලයන් ආදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදි.

Sportswear free shipping | Sneakers