Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th February 2016 21:51:22 Hours

ඛණ්ඩභාර නිලධාරී පාඨමාලාව ආරම්භ වේ

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා, ඉදිරි නඩත්තුපෙදෙසෙහි සහ ඒකකයන්හි රාජකාරී නියුතු කනිෂ්ඨ නිලධාරීන් තුල නායකත්වය, මාණ්ඩලික රාජකාරීන් සහ ඉදිරිපත් කිරීම පිළිබඳව දැනුම වැඩිදියුණු කිරීමේ අදිටනින් ඛණ්ඩභාර නිලධාරී පාඨමාලා අංක 1 පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් මත සඳුදා (8) දින එම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍ර‍වණාගාරයේ දී ආරම්භ කරන ලදි. නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන කර්නල් ප්‍ර‍ධාන මාණ්ඩලික කර්නල් ඩබ්.ටි.ඩබ්.ජි. ඉහළගේ විසින් මෙම පාඨමාලාවේ සමාරම්භක දේශණය පැවැත් වූ අතර, ඒ සඳහා කනිෂ්ඨ නිලධාරින් 26 දෙනෙකු සහභාගි වේ. මාණ්ඩලික නිලධාරින්, අනෙකුත් නිලධාරින් සහ පාඨමාලාව හදාරන ශිෂ්‍ය නිලධාරින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.Nike air jordan Sneakers | Air Jordan Release Dates 2020