Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th June 2018 17:50:52 Hours

කෝවිල් සහ පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතින් සඳහා සහයෝගය

65 වන සේනාංකය යටතේ ස්ථාපිත 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කිලිනොච්චි, මූලන්කාවිල් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් එම කෝවිලේ පූජකතුමන්ගේ ඉල්ලීමකට අනුව ක්‍රියාත්මක කරනු ලදී.

ඒ අනුව, කෝවිලේ පූජකවරුන් සමඟ සාකච්ඡා කිරීමේන් පසු කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ සහ අලංකාරවත් කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් අඟහරුවාදා (07) දින උදෑසන ආරම්භ කල අතර ඒ සඳහා යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් 30 කට අධික පිරිසක් සහභාගි වූහ.

මේ අතර, 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 100 කට අධික භට පිරිසක් විසින් තවත් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ලෙස කිලිනොච්චි, කල්විලන් රජයේ දමිළ මිශ්‍ර විද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් අඟහරුවාදා (07) දින ක්‍රියාත්මක කළහ.

මෙම ශ්‍රමදාන ව්‍යාපෘතින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පීරිස් ගේ සහ 651 වන බලසේනාවේ බලසේනාධිපති රංජිත් අබේසිංහ ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබීය.

Running sports | Nike