Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th July 2018 13:13:09 Hours

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි ඩෙංගු මර්ධනය සඳහා යුද්ධ හමුදා භට පිරිස්හි සහාය

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් 180 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ, ගම්පහ සහ කළුතර යන ප්‍රදේශයන්හි ඩෙංගු මර්ධන වැඩසටහනක් එම දිස්ත්‍රික්කයන්හි පළාත් බලධාරීන්ගේ සම්බන්ධිකරණයෙන් ජුලි මස 12 සහ 13 දිනයන්හි දී පවත්වන ලදි.

ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ සහ 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

යුද්ධ හමුදාධිපතිතුමාගේ දැක්මට අනුව භට පිරිස් විසින් ඩෙංගු අවධානමක් සහිත කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කර්යාල නිලධාරීන්, වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක උපදේශකවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ විවිධ ස්වේච්ඡා සංවිධානවල සාමාජිකයින් ද යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ එක්වූහ. Running Sneakers | Nike SB