Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th December 2017 09:17:44 Hours

කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ වාර්ෂික පිහිනුම් තරඟාවලිය ඇරඹේ

කොළඹ 02 පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පිහිනුම් තරඟාවලිය සෙනසුරාදා (09) දින උදෑසන තෙවන වරටත් එම විද්‍යාලීය පිහිනුම් තටාකයේ දී ආරම්භ කරනු ලැබීය.

මෙම තරඟාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, සංවිධායක කමිටුව වෙනුවෙන් කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පතිනි ධම්මිකා ජයනෙත්ති මහත්මිය විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.

සමාරම්භක උත්සවයේ දී ජාතික ගීය ගායනා කිරීමේන් අනතුරුව පිහිනුම් තරඟාවලිය - 2017, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිල වශයෙන් ආරම්භ කරන ලදී.

දිවයින පුරා පිහිටි විවිධ පාසල් 84 ක් නියෝජනය කරමින් විවිධ මට්ටම් වල තරඟකරුවන් 1000 කට අධික පිරිකසකගේ සහභාගිත්වයෙන් මෙම තරඟාවලිය දෙසැම්බර් මස 9 සහ 10 දෙදෙන පුරා පැවැත්වෙනු ඇත.

කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පතිනි ධම්මිකා ජයනෙත්ති මහත්මිය විසින් මෙම අවස්ථාවට සහභාගිවු යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තුතිය පුද කල අතර, මෙම අවස්ථාව සංකේතවත් කරමින් සමරු තිළිණයක් ද ප්‍රදානය කළහ.

මෙම තරඟාවලියේ අවසන් තරඟය සහ ත්‍යාග ප්‍රදානෝත්සවය ඉරිදා (10) දින සන්ධ්‍යාවේ දී පැවැත්වීමට නියමිතව ඇත.

සමාරම්භක උත්සවය විශේෂ ආරාධිතයින් ලෙස ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් සහඅධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරුන් කිහිපදෙනෙකු සහභාගි විය.

Sportswear free shipping | Nike SB