Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd August 2017 14:34:16 Hours

‘කොළඹ ආරක්ෂක සමුළුව - 2017’ සඳහා සියල්ල සුදානම්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ආරම්භ කරන ලද ‘කොළඹ ආරක්ෂක සමුළුව’ ගෝලීය හා කලාපීය ආරක්ෂික ගැටළු පිළිබඳව දෙස් විදෙස් විද්වතුන් මඩුල්ලකගේ සහභාගිත්වයෙන් මෙම වසරේදිත් පවත්වනු ලබයි. වසර කිහිපයකට පෙර දරුණුම ත්‍රස්තවාදි සංවිධානයක් පරාජයට පත් කිරිමේ ක්‍රියාවලියෙන් පසු කලාපයට බලපෑ ආරක්ෂක ගැටළු පිළිබඳ සාකච්ඡා කිරිමේ ක්‍රමවත් කතිකාවතක අඩුව පිරවීමට මෙම සැසිය 2010 වසරේ සිට පවත්වනු ලැබීය.

7 වන වරටත් පැවැත්වෙන මේ වසරේ සමුළුව අගෝස්තු මස 28 සහ 29 යන දෙදින තුළ බණ්ඩාරනායක අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දි ආරක්ෂක ක්ෂේත්‍රය නියෝජනය කරන දෙස් විදෙස් නියෝජිතයින් 800 ක් සහභාගිවීමට නියමිතයි. මෙවර සාක් රටවල ආරක්ෂක අංශ ප්‍රධානීන් හට ද සමුළුව සඳහා ආරාධනා කර තිබිම විශේෂත්වයකි.

වත්මන් ලෝකයේ රාජ්‍යයන්ගේ ජාතික ආරක්ෂාවට හා සාමයට ප්‍රබල තර්ජනයක් ගෙනදෙන අන්තවාදය හේතුවෙන් පැතීර යන ප්‍රචණ්ඩත්වය යන සංකල්පය මූලික කර ගනිමින් ‘ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිවිම : ගෝලිය ප්‍රවණතා’ යන තේමාව මෙම දෙදින සමුළුවේ දී සාකච්ඡා කරනු ලැබේ.

ලෝකයේ රාජ්‍යයන් අතර ආරක්ෂාව සම්බන්ධ වූ විවිධාකාර ගැටලු හා අභියෝගයන් දක්නට ඇති අතර, මෙම ගැටලුවලට ආගමික, දේශපාලනික හා සාමජයීය මතවාදයන් ද බලපායි. එමඟින් ඇතිවෙන්නා වූ අරගලයන් මැඩපැවැත්වීම සඳහා සාමුහික හා විශ්වාසී ප්‍රවේශයක් ලබාගත යුතුව ඇත. මෙම ප්‍රවේශය ලබාගැනීමට පිළිගත් කතිකාවත් යුගයේ අවශ්‍යතාවයකි. ඒ අනුව, ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2017’ මෙවරත් ලොව පූරා වෙසෙන ආරක්ෂක හවුල්කරුවන්, මූලෝපායඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආරක්ෂක විශ්ලේෂකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

ගෝලීය ආරක්ෂාවට ඇති තර්ජනය පිළිබඳ කරුණු ගැන පුළුල් කතිකාවතක් ගෝලීය සහ කලාපිය රාජ්‍යවල විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් මෙවරත් ආරක්ෂක සමුළුව තුළින් දැක ගත හැකිවේ. වත්මන් ලෝකයේ අන්තවාදය තුලින් මතුවන ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්විම සඳහා භාවිතා කළ හැකි සාමුහික යාන්ත්‍රණයක් හා ජාතින් අතර ඇතිවන අරගල වලට මුලික වන හේතු පිළිබඳව විද්වත් අදහස් හුවමාරුවක් ද ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2017’ තුළින් දැක ගත හැකි වනු ඇත.

ආරක්ෂක සමුළුවේ සැසිවාරයන් පහත දක්වා ඇති උප තේමාවන් යටතේ සාකච්ඡා සිදුවේ. මෙහිදි ‘අන්තවාදි ප්‍රචණ්ඩත්වය සැප්තැම්බර් 11 ප්‍රහාරයේ සිට අයිඑස්අයිඑස් සංවිධානයේ උපත අතරතුර ගෝලීය ප්‍රචන්ඩ අන්තවාදය’, ‘ප්‍රචන්ඩ අන්තවාදයට එරෙහිවිම’, ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව ආරක්ෂක හමුදාවන්හි කාර්ය භාර්ය යන උප තේමාවන් වලට අදාලව අභියෝග සහ ගැටලු - පෙරදිග සහ අපරදිග ජාතීන්ගේ දැක්ම’, ‘කලාපීය සංවිධානවල කාර්ය භාරයයන්’, ‘ලෝක පාලනයේ බලපෑම්’, ‘නෛතික බලපෑම්’, ‘බුද්ධි හා සයිබර් අභියෝගතා සහ උපාය මාර්ග’, ‘ආරක්ෂක හමුදාවන්හි කාර්ය හා හමුදා සිවිල් සබඳතා’, ‘එක්සත් ජාතින්ගේ උපක්‍රම’, ‘අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ උපායමාර්ගික අධ්‍යයනය’, ‘රාජ්‍ය ත්‍රාන්තික සබඳතා සහ අන්තවාදි ප්‍රචණ්ඩත්වයට එරෙහිවිම’, ‘ලෝක පාලනයේ දී යුද්ධ හමුදා කාර්ය භාර්ය’, ‘ප්‍රති අන්ත්‍රවාදි ප්‍රචණ්ඩත්වයේ දී ප්‍රජාව සවිබලගැන්වීම’ යන මාතෘකා උපතේමාවන් යටතේ සාකච්ඡා කෙරේ.

ලොව පුරා සිටින විද්වතුන් රැසක් මුණගැසෙන මෙම සමුළුවේ සියලු කටයුතු සුදානම් කිරීම යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩලයන්ගේ ද සහයෝගය ඇතිව හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ අධික්ෂණය යටතේ සිදු කරනු ලබයි.

තවද, ජාතික ආරක්ෂාව යන විෂයෙහි ප්‍රවීණ, කලාපයේ සහ ලෝකයේ කිර්තීමත් විදෙස් විද්වතුන් කිහිපදෙනෙකු ද ගෝලීය සහ කලාපීය ගමන්මග පිළිබඳව මෙම සමුළුවේ දී ඇමතීමට නියමිතය.

අද ලෝකයේ ආරක්ෂාවට පවතින තර්ජන විශ්ලේෂණය කරමින් ‘ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිවිම : ගෝලිය ප්‍රවණතා’ යන මාතෘකාව තෝරාගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම විද්වත් සමුළුව මඟින් මෙරට සහ අනෙකුත් රටවල් අතර ගෝලීය සහසම්බන්ධතාවයක් ඇතිවනු බව නොඅනුමානය.

මෙම සමුළුවට ආරාධිත අයවළුන් අතර, මහාකොමසාරිස්වරුන්, දේශීය හා විදේශීය දේශපාලඥයින්, ආරක්ෂක උපදේශකයින් සහ තවත් දෙස් විදෙස් විද්වතුන් රැසක් ද ඇතුලත් වේ.

මේ සැබැදි තවත් පුවත්

‘කොළඹ ආරක්ෂක සමුළුව - 2017’ පිළිබඳ යුද්ධ හමුදාධිපති අදහස් දක්වයි

ආරක්ෂක සම්මන්ත්‍රණයට තව දින 04 යි

කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය - 2017 සැසිවාර

මේ සබැදි තවත් වීඩියෝ

කොළඹ ආරක්ෂක සමුළුව 2017 - රූපවාහිනි දැන්වීම - ඉංග්‍රීසි

කොළඹ ආරක්ෂක සමුළුව 2017 - රූපවාහිනි දැන්වීම - සිංහල

Sport media | Men's Sneakers