Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st June 2020 21:00:19 Hours

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ යුද්ධ හමුදා නිලධාරියාගේ බිරිඳ සහ දරුවා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි

රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (02) දින සන්ධ්‍යාවේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

ඊයේ (01) දින රාත්‍රියේ පකිස්තානයේ (Pakistan) කරච්චි සිට UL - 1186 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් දිවයිනට පැමිණි පුද්ගලයෙක් සෞඛ්‍ය අංශ විසින් මේ වනවිට ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇත.

අද (02) දින සවස 1617 පැයට පමණ UL – 303 දරණ ශ්‍රී ලංකන් මගී ගුවන් යානයෙන් සිංගප්පූරුවේ සිට මගීන් 291 දෙනෙකු මෙරටට පැමිණ ඇත. එසේ පැමිණි ඔවුන් ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට නියමිතව ඇත. නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 06 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (02) දින තම නිවෙස් වෙත පිටත් කර යවන ලදී.

මේ අනුව, අද (02) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 11,614 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් තිබේ. එසේම, අද (02) දිනය වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44 ක් තුළ පුද්ගලයින් 4,982 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටියි.

පසුගියදා කටුනායක ගුවන්තොටුපලේ රාජකාරි සිදුකරමින් සිටියදී කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ යුද්ධ හමුදා නිලධාරිගේ බිරිඳට සහ දරුවාට ද කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් ලෙස සඳුදා (01) දිනයේ වාර්ථා වූ අතර ඔවුන් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ අනුව, අද (02) දින උදෑසන 0600 පැයේ සිට ගත වූ කාලය තුළ නාවික හමුදාවේ වීරෝදාර රණවිරුවන් දෙදෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති අතර නාවික හමුදාව තුළ කොවිඩ් - 19 ආසාධිත වීරෝදාර රණවිරුවන් සංඛ්‍යාව 758 ක් වේ. ඉන් 411 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැර වී ඇති අතර වීරෝධාර රණවිරුවන් 345 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී ඇත. Best Nike Sneakers | Nike Air Max 270