Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th July 2016 16:48:51 Hours

කොන්ඩාවිල් පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ

කොන්ඩාවිල් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වන පාසල් දුවා දරුවන් සඳහා කොළඹ ‘Kerala Astrologer Operational පදනමේ අනුග්‍රහයෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 51 වන සේනාංක සෙබලුන් විසින් බ්‍රහස්පතින්දා (21) දින කොන්ඩාවිල් පරම්සෝති විද්‍යාලයේ දී සංවිධානය කරන ලදී. මෙහිදී පරම්සෝති විද්‍යාලයේ පාසල් ළමුන් 176 දෙනෙකු සඳහා කොළඹ ‘Kerala Astrologer Operational පදනමේ අනුග්‍රහයෙන් පාසල් නිළ ඇදුම්, අභ්‍යාස පොත්, පෑන්, පැන්සල්, ගණිතමය උපකරණ කට්ටල සහ අනෙකුත් පාසල් උපකරණ බෙද දෙනු ලැබීය. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමා වෙනුවට 51 වන සේනාංකයෙහි සේනාංකාධිපති බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා සහභාගි විය. එම අවස්ථාව සඳහා කිත්සිරි සේනානායක මහතා, ආරාධිත අමුත්තන්, බැතිමතුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ දෙමව්පියන් සහභාගි වූහ.Sneakers Store | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals