Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

කෙප්පපිලව් නැවත පදිංචි කරන ලද ජනතාවට යුද්ධ හමුදා භට පිරිස් වෙතින් පානීය පිරිසිදු ජල සැපයුම් පද්ධති 02 ක්

ගැටුම් පැවති කාලසීමාවේදී ආරක්ෂක කටයුතු සඳහා යුද්ධ හමුදාව විසින් භාවිතා කරනු ලැබූ මුලතිව් කෙප්පපිලව් ප්‍රදේශයේ ඉඩම් අක්කර 133.4 ක ප්‍රමාණයක් මෑතකදී නීත්‍යානුකූල අයිතිකරුවන් සොයා නිදහස් කරන ලද අතර මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් පරිදි පසුගියදා (26) එම ප්‍රදේශවාසින් වෙත පානීය ජලය ලබා දිමේ තවත් ප්‍රජාසත්කාරක ව්‍යාපෘතියක්ද දියත් කරන ලදි.

මිට අමතරව දින කිහිපයකට ඉහතදී මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ප්‍රදේශවාසින්ගේ පානිය ජල අවශ්‍යතාවය සඳහා එම නිදහස් කරන ලද ඉඩම් වල දීර්ඝ කාලයක් භාවිතයට නොග‍ෙන තිබු ළිං 24 ක් පිරිසිදු කිරිමේ කටයුතු ද සිදුකර ප්‍රදේශවාසීන් වෙත ලබාදී තිබුණි.

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය තුල ස්ථාපිත ජල පිරිපහදු ටැංකිය හරහා නිකුත් කෙරෙන පිරිසිදු කරන ලද පානීය ජලය මේ අනුව කඳවුරු ප්‍රධාන දොරටුව අසලින් ප්‍රදේශවාසින්ගේ පරිභෝජනය සඳහා ද ලබාගැනිමට අවස්ථාව සලසා ඇත.

මෙම නැවත පදිංචි වු සිවිල් වැසියන් මුහුණපා සිටින පානිය ජල හිඟතාවය නිසා ඔවුන් පානිය ජලය සොයා දිගු දුරක් ගමන් කිරිමට සිදුවු අතර දැනට ඔවුන් සඳහා උදෑසන සහ සවස් කාලයේ මෙසේ හමුදා කඳවුරු ජල පිරිපහදුවෙන් පානීය ජලය නිකුත් කරනු ලබයි.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය දියත් කිරිමේ අවස්ථාව සඳහා මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු නියෝජනය කරමින් බ්‍රිගේඩියර් පාලන සහ භට කාර්ය සම්පාදන, කර්නල් එච්. වල්ගම සහභාගී වූ අතර,ප්‍රදේශවාසින් රැසක්ද මේ සඳහා එක්විය.

bridgemedia | Nike for Men