Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th March 2019 08:45:56 Hours

කිලිනොච්චියේ හමුදා සාමාජිකයින් අතර හොඳම සංගීත කණ්ඩායම සහ හොඳම ගායකයා තෝරාගැනේ

හිටපු කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ සංකල්පයකට අනුව 65 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලැබූ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ හොඳම සංගීත කණ්ඩායම සහ හොඳම ගායකයා තෝරාගැනීමේ තරඟාවලියේ අවසන් තරඟය බදාදා (06) දින කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ දී පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සහභාගි විය.

65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ 651 වන බලසේනාව විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය අදියර 2 ක් යටතේ පැවැත්විණි. මෙම තරඟාවලියේ අවසන් පූර්ව වටයට ප්‍රථම සංගීත කණ්ඩායම් 6 ක් සහ කැලිප්සෝ සංගීත කණ්ඩායම් 9 ක් සහභාගි වූ අතර 2018 ඔක්තෝම්බර් මස 22 දින සිට 26 දින දක්වා මුලන්කාවිල් බලඇණි පුහුණු පාසලේ පුහුණු කටයුතුවල නිරතවීමට ඔවුන්ට අවස්ථාව ලැබිණි.

ප්‍රවීණ සංගීතඥ ප්‍රදීප් බෝගහවත්ත මහතා තරඟකරුවන් පුහුණු කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන් අතර කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ සහ 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පේරුම ගේ අධීක්‍ෂණය යටතේ 651 වන බලසේනා මූලස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේ අවසන් තරඟ මාර්තු මස 5 සහ 6 දිනයන්හි පැවැත්විණි.

හොඳම සංගීත කණ්ඩායම් තරඟාවලියේ ප්‍රථම ස්ථානය 1 වන ගජබා රෙජිමේන්තුව විසින් හිමිකරගත් අතර හොඳම කැලිප්සෝ සංගීත කණ්ඩායම් තරඟාවලියේ ප්‍රථම ස්ථානය 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට හිමිවිය. තවද කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ගායන තරඟාවලියේ ප්‍රථම ස්ථානය 1 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ඉන්දික විසින් හිමිකරගත් අතර 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලාන්ස් කෝප්‍රල් දිසානායක සහ 21 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල ජනප්‍රිය පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගත්හ.

අවසන් තරඟයේ විනිශ්චය මණ්ඩලය ලෙස සහභාගී වූ ප්‍රදීප් බෝගහවත්ත මහතා, කපිතන් ඒ.එස්. රුවන්පුර සහ පරිවාස නිලධාරී බී.අයි.ටී. පෙරේරා යන මහත්වරුන් අවසන් විනිශ්චය ලබාදුන්හ. Running sport media | adidas