Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th November 2018 11:40:00 Hours

කිලිනොච්චියේ පැවැති ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිහිපයක් සඳහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහය

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තෙවාන්පිඩ්ඩි රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසලේ බලධාරින්ගේ ඉල්ලීමකට අනුව 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව එම පාසලේ ආරක්‍ෂිත වැට ඉදිකිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙනු ලැබීය.

65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පේරුම ගේ උපදෙස් මත 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රංජිත් අබේසිංහ ගේ අධීක්‍ෂණය යටතේ සඳුදා (12) දින යුද්ධ හමුදා සාමාජිකයින් 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගුරුවරුන් සහ පාසල් කාර්යමණ්ඩලයේ සහයෝගය ඇතිව මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබීය.

ඒ අනුව, යුද්ධ හමුදාව දැක්වූ සහයෝගය ඇගයුමට ලක් කරමින් පාසලේ විදුහල්පතිතුමන්, ගුරුවරුන් සහ සිසුන් සිය ස්තුතිය පුද කළහ.

එමෙන්ම, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 653 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 21 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අඟහරුවාදා (13) දින ඉයන්කන්කුලම් පූල්ලෙයාර් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.

මෙම ශ්‍රමදාන වැඩසටහන 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පේරුමගේ උපදෙස් මත 653 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් රොබීන් ජයසුරියගේ අධීක්‍ෂණය යටතේ නිලධාරියෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 30 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබීය.Running sport media | New Balance 991 Footwear